ශී‍්‍ර ලංකා – එංගලන්ත එක්දින සටන අද ඇරැඹේ

259

කසුන් රණවීර
 
විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු ලෙස පරාජයට පත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තය සමගින් කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට අද (29 වැනිදා* සහභාගි වේ. එ් අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3.30ට ඩර්හැම් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
 
 ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද ආරම්භ වන්නේ 75 වැනි ජාත්‍යන්තර එක්දින තරගය වේ. එ් අනුව දෙරට අතර මේ දක්වා පැවැති තරගවලින් කණ්ඩායම් දෙකම ජයග‍්‍රහණ 36 බැගින් වාර්තා කිරීමට සමත්වී ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමකින් සහ තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. දෙරට අතර 2018 වසරේදී පැවැති අවසන් එක්දින තරගාවලියේදී 3-1ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. එ් අනුව මේ වන විටත් දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය අන්ත ලෙස පරාජයට පත්වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය අභිමානය රැුක ගැනීමට නම් මෙම තරගාවලිය කෙසේ හෝ ජය ගැනීම අනිවාර්ය කරුණක් බවට පත්ව තිබේ.
 
 අවසන් වරට සහභාගිවූ එක්දින තරගාවලි දෙකේදී පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ බංග්ලාදේශයට එරෙහිව 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය.
 
 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි මෙම තරගාවලියේදීත් කුසල් පෙර්රාට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔයින් මෝගන්ට හිමිව තිබේ. ජෛව ආරක්ෂිත බුබුල කඩකිරීම හේතුවෙන් උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුුණතිලකට මෙම තරගාවලිය අහිමි වී තිබේ. එ් අනුව විස්සයි විස්ස තරගාවලිය කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සහිතව අද තරගයට කී‍්‍රඩා කරනු ඇත.
 
 ශී‍්‍ර ලංකා සංචිතය – කුසල් පෙරේරා (නායක*, චරිත් අසලංක, ඕෂධ ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, දසුන් ශානක, ධනංජය ද සිල්වා, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, රමේෂ් මෙන්ඩිස්, වනි`දු හසරංග, අකිල ධනංජය, අසිත ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ශිරාන් ප‍්‍රනාන්දු.
 
 එංගලන්ත සංචිතය – ඔයින් මෝගන්, ඬේවිඞ් මලන්, ජේසන් රෝයි, ජෝ රූට්, ලයිම්
 
 ලවිංග්ස්ටන්, කි‍්‍රස් වෝක්ස්, ඬේවිඞ් විලී, ලියම් ඩෝසන්, මෝයින් අලී, සැම් කැරන්, ජොනී බෙයස්ටෝ, සැම් බිලිංග්ස්, අදීල් රශීඞ්, ජොර්ජ් ගාටන්, මාක් වූඞ්, ටොම් කරන්.

advertistmentadvertistment
advertistmentadvertistment