ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6ක පරාජයක්

427

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් ආරම්භ වූ පළමු එක්දින තරගයෙන් කඩුලූ 06ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. ඒ අනුව දෙරට අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණි.

 දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ තරගයේදී පාකිස්තාන ‘ඒ’ නායකයාගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ ඉනිම පන්දුවාර 32.2කදී සියලූ දෙනා දැවී ලකුණු 102කට සීමා විය.

 ශී‍්‍ර ලංකා පළමු කඩුලූ 4 මුළු ලකුණු 19ක් තුළදී බිඳ දැමීමට පාකිස්තාන ‘ඒ’ පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී ආරම්භක පිතිකරුවන් යුගලය වන ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූ අතර සදීර සමරවික‍්‍රම ලකුණු 1කටත් අෂේන් බණ්ඩාර ලකුණු 6කටත් දැවී ගියේය.

 ශී‍්‍ර ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 51කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 34කට දැවී ගියේය. ඒ හැරණුකොට සහන් ආරච්චිගේ ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූ අතර කලණ පෙරේරා ලකුණු 12ක් රැුස් කළේය.

 ශී‍්‍ර ලංකා ඉනිම අඩපන කළ අබ්බාස් අෆ්රිඩි සිය පන්දුවාර 10 තුළදී නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 30කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය. කුරාම් ෂේෂාඞ් ලකුණු 19කට කඩුලූ 3ක් සහ නසීම් ෂා ලකුණු 26කට කඩුලූ 2ක් බිඳ දැමීය.

 ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තාන ‘ඒ’ පිතිකරුවෝ පන්දුවාර 21.2කදී කඩුලූ 4ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. ඔමයිර් යූෂොප් හතරේ පහර 6ක් සමගින් පන්දු 57කදී ලකුණු 38ක් සහ අබ්දුල් ෂාෆික් ලකුණු 15ක් සහ මොහොමඞ් තාහ නොදැවී ලකුණු 19ක් රැුස් කළේය.

 අශේන් ඩැනියෙල් කඩුළු 2ක් සහ පුලින තරංග සහ ළහිරු සමරකෝන් කඩුලූ 1 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment