ශී‍්‍ර ලංකා – ඕමාන විස්සයි විස්සට දින නියම වෙයි

201

2021 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසින් පැවත්වෙන ශී‍්‍ර ලංකා – ඕමාන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා දින නියම වී තිබේ. එ් අනුව දෙරට අතර පළමු තරගය සහ දෙවැනි තරගය ලබන ඔක්තෝබර් මස 07 වැනිදා සහ 09 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (09 වැනිදා) නිවේදනය කළේය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව ඕමානය සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා පුහුණු තරග දෙකකටද

සහභාගි වීමට නියමිතව තිබේ. එම තරග දෙක ලබන ඔක්තෝබර් මස 12 සහ 14 දෙදින තුළ පැවැත්වීමට කටයුතු සකස් කර තිබේ.

කෙසේ වෙතත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සඳහා ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා කිරීමට නියමිතව ඇති අතර එහිදී ඔවුන් නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතව තිබේ. එ් අනුව එම වටයේදී ශී‍්‍ර ලංකාව

සහභාගි වන පළමු තරගය ලබන ඔක්තෝබර් මස 18 වැනිදා නැමීබියාව සමගින් පැවැත්වෙන අතර දෙවැනි තරගය 20 වැනිදා අයර්ලන්තය සමගින් සහ තෙවැනි තරගය 22 වැනිදා නෙදර්ලන්තය සමගින් පැවැත්වේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment