ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවන්ට සහ යෞවනයින්ට පුහුණු සැසි දෙකක්

151

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහ තවත් තරගාවලි 4ක් ඉලක්ක කරගනිමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කාන්තා සංචිතයත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු කුසලානය සහ ලෝක කුසාලනය ඉලක්ක කරගනිමින් 19න් පහළ සංචිතයත් ඊයේ (09 වැනිදා) සිට නේවාසික පුහුණු කඳවුරකට සහභාගි කරවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. එ් අනුව එම කාන්තා පුහුණු සංචිතය සඳහා කී‍්‍රඩිකාවෝ 23 දෙනකු ඇතුළත් වන බවත් 19න් පහළ සංචිතය සඳහා කී‍්‍රඩකයින් 26 දෙනකු ඇතුළත් වන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිවේදනය කර සිටී.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් තෝරා ඇති මෙම කාන්තා පුහුණු සංචිතයට ජාතික කණ්ඩායමේ සහ නැගී එන කාන්තා කණ්ඩායමේ කී‍්‍රඩිකාවෝ ඇතුළත් වෙති. මෙම සංචිතය පුහුණුවීම්වලදී ආරක්ෂිත ජෛව බුබුලක් යටතට පත්කරන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් නිවේදනය කර සිටී.

මෙම පුහුණු කඳවුර ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙන අතර එහිදී ඔවුන්ගේ කුසලතා සහ යෝග්‍යතා පුහුණු කටයුතු මෙන්ම තරග අධ්‍යනය ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක් ඔස්සේ පුහුණුවීම්වල නිරත වන බවට සඳහන් වේ. කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න, රවින්ද්‍ර පුෂ්පකුමාර (වේග පන්දු), ලංකා ද සිල්වා (පන්දු රැකීමේ) සහ දිනුක හෙට්ටිආරච්චි (දඟපන්දු) යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම කඳවුර පැවැත්වේ.

19න් පහළ පුහුණු සංචිතය දින 22ක් පුරා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අතර ඔවුන් පුහුණු කඳවුර අවසානයේදී පන්දුවාර 50 තරග 3කටද සහභාගි වීමට නියමිතව තිබේ. අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු) උපුල් චන්දන (පන්දු රැුකීමේ පුහුණුකරු), චමිල ගමගේ (වේග පන්දු පුහුණුකරු), සචිත් පතිරණ (දඟ පන්දු පුහුණුකරු) සහ දම්මික සුදර්ශන (පිතිකරණ පුහුණුකරු) යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම 19න් පහළ පුහුණු කඳවුර පැවැත්වේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment