ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට ස්පුට්නික්-වී දෙවැනි මාත‍්‍රාව දෙයි

156

ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන් සඳහා කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදී තිබේ. එ් අනුව අදාළ කී‍්‍රඩකයන් සඳහා පළමුවෙන් ලබා දුන් ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා දුන් බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටී.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් සඳහා කොරෝනා මර්දන එන්නත් පළමු මාත‍්‍රාව පසුගිය මැයි මස 08 වැනිදා ලබාදෙන ලදී. එ් අනුව මෙවර ලබා දුන් දෙවැනි මාත‍්‍රාව පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘කී‍්‍රඩකයන් විසි හතරක් සහ ජාතික භෞතික විද්‍යාඥයන් දෙදෙනකුට ස්පුට්නික් වී දෙවන මාත‍්‍රාව ලබා දුන්නා. මෙම ලැයිස්තුවට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ඇතුළුව සියලූම ටෙස්ට් කී‍්‍රඩකයන් ඇතුළත් වුණා. එ් වගේම වත්මන් එංගලන්ත සංචාරයට ඇතුළත් නොවුණු ටෙස්ට් කී‍්‍රඩකයන් ඊට ඇතුළත්’ ඔහු යැයි කියා සිටියේය.

මේ අතර එංගලන්ත සංචාරය සඳහා එක්වී සිටින කී‍්‍රඩකයන් 24 දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතයේ පී.සී.ආර්. පරීක්ෂණ තුනක් සිදුකර ඇති අතර එහිදී සියලූම කී‍්‍රඩකයන්ගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. එහි සිව්වැනි වටයේ පරීක්ෂණය හෙට (17 වැනිදා) සිදු කිරීමට නියමිතව ඇති බවටද එහිදී වැඩිදුරටත් වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment