ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තිදෙනෙක් අද තරග බිමට – 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය

197

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් කි‍්‍රයාත්මක 2020 පැරාලිම්ක් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සහභාගි වන මූලික වටයේ තරග ඉසව් තුනක් අද (27 වැනිදා) පැවැත්වේ. එ් අනුව සම්පත් බණ්ඩාර දුනු විදීමේ ඉසව්වෙන්, මහේෂ් ජයකොඩි ඔරු පැදීමේ ඉසව්වෙන් සහ සුරේෂ් ධර්මසේන රෝද පුටු ටෙනිස් තරග ඉසව්වෙන් අද පැරාලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තිදෙනෙක් අද තරග බිමට - 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය

ශ‍්‍රී ලංකා පැරාලිම්පික් ඉතිහාසයේ රුවල් ඔරු තරඟ ඉසව්වක් සඳහා පළමු නියෝජනය සහ 2020 පැරාලිම්පික් පිටියේ පළමු ශ‍්‍රී ලංකා නියෝජනය සනිටුහන් කරමින් ඔරු පැදීමේ ඉණෙන් පහළ අප‍්‍රාණික කේවල ඉසව්වෙන් මහේෂ් ජයකොඩි අද තරග වැදීමට නියමිතය. ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.18ට පැවැත්වෙන එම තරඟ ඉසව්වේ මූලික වටය සඳහා සුදුසුකම් ලැබූ මහේෂ් ජයකොඩි 34 හැවිරිදි වියේ පසුවේ.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තිදෙනෙක් අද තරග බිමට - 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු අද තරග වදින අනෙක් ඉසව්ව වන්නේ රෝද පුටු ටෙනිස් ඉසව්වයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11ට පමණ පැවැත්වෙන එම තරගය සඳහා සහභාගි වන සුරේෂ් ධර්මසේන ක‍්‍රීඩකයා 32 හැවිරිදි වියේ පසුවේ. දුන්නෙන් විදීම (රෝද පුටු -කේවල පිරිමි- පාද ආබාධ හෝ සමතුලිතතාව රහිත) කාණ්ඩයේ මූලික වටය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක සම්පත් බණ්ඩාරද අද පස්වරු 2 ට තරග වැදීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 9 දෙනකු මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී තරග වැදීමට නයමිත අතර එහිදී සම්පත් බණ්ඩාර, මහේෂ් ජයකොඩි සහ සුරේෂ් ධර්මසේනට අමතරව දිනේෂ් හේරත්, සමිත දුලාන්, චමින්ද සම්පත්, පිරිමි හෙල්ල විසි කිරීම, කුමුදු ප‍්‍රියංකා (කාන්තා මීටර් 100 , කාන්තා දුර පැනීම), මධුරංග සුබසිංහ (පිරිමි මීටර් 400), පාලිත බණ්ඩාර (පිරිමි යගුලිය දැමීම) ඉදිරියේදී තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment