ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පදක්කම් මල්ල බර කරති – පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය

203

2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දික චතුරංග දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියන් ආශ‍්‍රිතව ද දක්ෂතා ප‍්‍රදර්ශනය කරමින් සිව්වන පදක්කම මව්බිමට දිනා දීමට පසුගිය සිකුරාදා (10)  රාත‍්‍රියේ දී සමත් වූයේය.

ඒ උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී දැන් ක‍්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය ආශ‍්‍රිතව දස්කම් පාමිනි.

කි: ග‍්‍රෑ: 73 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දික චතුරංග දිසානායක සමත් වූ අතර ඒ සඳහා පැමිණි ගමනේදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 130 ක්ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 156 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 286 ක සමස්ත බර එකතුවක් සටහන් කළේය.

2009 රිදී පදක්කම (62 බර පන්තිය* 2013 රිදී පදක්කම (62 බර පන්තිය) 2015 රිදී පදක්කම (69 බර පන්තිය) දිනා ගනිමින් කැපී පෙනුණු දිසානායක මෙවර කි: ග‍්‍රෑ: 73 ට අඩු බර පන්තිය නියෝජනය කළේය. මෙහි රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර මැලේසියාවට රිදී පදක්කම හිමි විය.

මේ අතර වාරයේ තම කුළු`දුල් ජාත්‍යන්තර තරග අත්දැකීම සමරුවක් කරගත් මනෝජ් මධුවන්ත විජේසිංහ කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනුණි. ඒ සඳහා පැමිණි ගමනේදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 113 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 141 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 254 ක බර එකතුවක් වාර්තා කර ගැනීමට මනෝජ් මධුවන්ත විජේසිංහට හැකි විය.

ජාතික සුපිරි සංචිතයට අයත් නොවන ක‍්‍රීඩකයකු ලෙස මෙම පදක්කම දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

කාන්තා අංශයෙහි දෙවන පදක්කම මවුබිමට දිනා දීමට සමත් වෙමින් නදීශානි රාජපක්ෂ කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සෙනසුරාදා (11* සමත් වූවාය.

ස්නැච් ක‍්‍රමයට කි: ග‍්‍රෑ: 74 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ: 91 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 165 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් එකී ලෝකඩ පදක්කම දිනා ගැනීමට නදීශානි රාජපක්ෂට හැකි විය.

මෙතෙක් පැවති තරග ඉසව් ආශ‍්‍රිතව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් (04* ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනා ගෙන තිබීම කැපී පෙනේ. ඒ පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය ආශ‍්‍රිතවය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment