ශී‍්‍ර ලංකා ටෙනිස් කණ්ඩායම ජෝර්දානයට

226

ශී‍්‍ර ලංකා ටෙනිස් කණ්ඩායම ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය ,,, වැනි කාණ්ඩයේ තරග වටය සඳහා සහභාගි වීම පිණිස ඊයේ (08 වැනිදා* ජෝර්දානය බලා පිටත්ව ගියේය.

රෙනුක් විජේමාන්න මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුතුව ජෝර්දානය බලා පිටත් වූ එම ශී‍්‍ර ලංකා ටෙනිස් කණ්ඩායම ටෙහාන් විජේරත්න, විබුද විජේබණ්ඩාර, චාතුර්ය නිලවීර සහ යසිත ද සිල්වා යන කී‍්‍රඩකයින්ගෙන් සමන්විත විය.

අදාළ තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තරග වටය ලබන 15 වැනිදා ආරම්භ වී 20 වැනිදා නිමාවට පත් වන අතර ඉන් ජය ලැබීමට නම් ශී‍්‍ර ලංකාව තරග 5 න් තරග 3 ක් ජය ගත යුතුය.

මෙම තරග වටය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකි වුවහොත් ආසියා ශාන්තිකර කලාපීය ,,, වැනි කාණ්ඩයේ සිට ,, වැනි කාණ්ඩය දක්වා ඉහළට ඒමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව හිමි වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment