ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා විස්සයි විස්ස තරගාවලියෙන් පසු වනිඳුගේ සහ ෂම්සිගේ ලකුණු අඩුවෙයි

228

පන්දුවාර විස්සයි විස්ස කී‍්‍රඩකයින් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ඊයේ (15 වැනිදා) නිවේදනය කර සිටියේය. එ් අනුව තවමත් ජත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ පළමු ස්ථාන දෙකේ රැුඳීමට පිළිවෙලින් ටබ්රිෂ් ෂම්සි සහ වනිඳු හසරංග සමත්වීද ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු අඩු වී තිබේ.

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා  විස්සයි විස්ස තරගාවලියෙන් පසු වනිඳුගේ සහ ෂම්සිගේ  ලකුණු අඩුවෙයි

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති තරග 3කින් සමන්විත් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට පෙර අංක එකේ රැුඳුන ටබ්රිෂ් ෂම්සි ප‍්‍රසාද ලකුණු 792ක් හිමිකරගෙන සිටියද මේ වනවිට එම ලකුණු ප‍්‍රමාණය 775 දක්වා අඩු වී තිබේ. ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැුඳෙන ශී‍්‍ර ලංකාවේ වන`ිදු හසරංග දෙරට අතර තරගාවලියට පෙර ප‍්‍රසාද ලකුණු 764ක් ලබා සිටියද තරගාවලියෙන් පසු එය 747 දක්වා අඩු වී තිබේ. දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේදී ටබ්රිෂ් ෂම්සි කඩුලූ 4ක් සහ වනිඳු හසරංග කඩුලූ 3ක් දවා ගැනීමට සමත්විය.

මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්වී තිබේ. දකුණු අපි‍්‍රකා – ශී‍්‍ර ලංකා විස්සයි විස්ස තරගාවලියට පෙර එම ලැයිස්තුවේ 49 වැනි ස්ථානයේ රැුඳුණු කුසල් පෙරේරා නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 39 වැනි  ස්ථානයට පැමිණ තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment