ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා එක්දින තරගාවලිය… තරගාවලියේ ශූරයෝ සොයන අවසන් තරගය අද

157

ශී‍්‍ර ලංකාව සහ සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර කි‍්‍රයාත්මක එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙරට අතර තෙවැනි සහ අවසන් තරගය අද (07 වැනිදා* කොළඹ ආර්.පේ‍්‍රමදාස ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ පළමු තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගනිමින් 1-1ක් ලෙස සම තත්වයේ සිටින දෙරට අතර කණ්ඩායම් දෙකටම තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකර ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්යය කරුණක් බවට පත්ව තිබේ.

දෙරට අතර කි‍්‍රයාත්ම වූ පළමු තරගයේදී ලකුණු 14ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වූ අතර දෙරට අතර පැවැති දෙවැනි තරගයේදී ඩක්වර්ත් ලූවින් න්‍යාය අනුව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට සංචාරක කණ්ඩායම සමත්විය. පළමු තරගයේදී ලකුණු අතරට පිවිසීමට සමත්වූ ශී‍්‍ර ලංකා මුලපෙළ පිතිකරුවෝ දෙවැනි තරගයේදී අසාර්ථක වීම මත සහ වර්ෂාවෙන් පැමිණි බාධාව දෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවාසියට වැඩි වශයෙන් බලපෑවේය. කෙසේ වෙතත් පළමු තරගයේදී සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් දෙවැනි තරගයේදී වැඩි තර්ජනයක් පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් ශී‍්‍ර ලංකාවට පීඩනයක් එල්ල කිරීමට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයෝ සමත්වී සිටියහ.

පළමු තරග දෙකේදීම අංක තුන ස්ථානයේ කී‍්‍රඩා කළ භානුක රාජපක්ෂ අද තරගයෙන් ඉවත් කර දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ. මේ වනවිට කොරෝනා ආසදනය වී සුවය ලබා ඇති කුසල් පෙරේරාද ඊයේ (06 වැනිදා* දිනයේදී ආර්. පේ‍්‍රමදාස පිටියේ පුහුණු දැල තුළ පුහුණුවීම් වල නිරතවන අයුරු දක්නට ලැබුණු අතර අද තරගයට ඔහු කී‍්‍රඩා කරනවාද නැද්ද යන්න ඊයේ සවස් වනතුරුත් ප‍්‍රකාශයට පත් කර නොතිබිණි. කෙසේ වෙතත් අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් සිදු කිරීමට අදහස් කරන බව ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ ප‍්‍රකාශ කර තිබිණි.

දකුණු අපි‍්‍රකානු පන්දු බල ඇණියේ ප‍්‍රධානතම තුරුම්පුව බවට පත්ව ඇති ටබ්රිෂ් ෂම්සි දෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීමට සමත්විය. එ් අනුව අද තරගයේදී විශේෂයෙන් ෂම්සි සහ කාගිසෝ රබාඩා ඉදිරියේ ප‍්‍රවේශම් සහගතව පිතිකරණයේ යෙදිය යුතුව තිබේ. තවත දෙවැනි තරගයේදී පන්දු රැුකීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් යම් දුර්වලතාවක් ප‍්‍රදර්ශනය කළද අද තරගයේදී එම වරද නිවැරදි කර ගැනීම අනිවාර්යය කරුණක් වී තිබේ.

2013 වසරේදී දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව අවසන් වරට එක්දින තරගාවලියක් (4-1* ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකාව අනතුරුව දෙරට අතර කි‍්‍රයාතමක වූ එක්දින තරගාවලි 3ක් අන්ත ලෙස පරාජයට පත්විය. ඊට අමතරව 2019 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීමෙන් අනතුරව මේ දක්වා එකදු එක්දින තරගාවලියක් හෝ ජය ගැනීමට නොහැකි වූ ශී‍්‍ර ලංකාව එ් අතර වාරයේ එක්දින තරගාවලි 4ක් (බටහිර ඉන්දීය කොදව්වන්ට, බංග්ලාදේශයට, එංගලන්තයට සහ ඉන්දියාවට* පිට පිටම පරාජයට පත්විය. එ් අනුව අද පැවැත්වෙන තරගය ජය ගනිමින් එක්දින තරගාවලි පරාජ රැුල්ලෙන් ශී‍්‍ර ලංකාව ගලවා ගැනීම දසුන් ශානකගේ

නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩයමේ පූර්ණ වගකීම බවට මේ වනවිට පත්ව තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතය – දසුන් ශානක (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප‍්‍රවීන් ජයවික‍්‍රම, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, ළහිරු මදුසංක, පුලින තරංග, මහේෂ් තීක්ෂණ, ළහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, නුවන් ප‍්‍රදීප්

දකුණු අපි‍්‍රකානු සංචිතය – කේෂාව් මහරාජ් (නායක*), ජනෙමන් මලන්, එ්ඩන් මාක‍්‍රම්, රීෂා හෙන්ඩි‍්‍රක්ස්, රසී වැන්ඩර්ඩුසෙන්, හෙන්රිච් ක්ලාසෙන්, ඇන්ඩිල් පෙලූක්වායෝ, වියාන් මුල්ඩර්, ජොර්ජ් ලින්ඬේ, කාගිසෝ රබාඩා, ටබ්ර්ෂ් ෂම්සි, බෙයුරන් හෙන්ඩි‍්‍රක්ස්, ලිෂාඞ් විලියම්ස්, ලූතෝ සිපම්ලා, කයිල් වෙරියන්නේ, ඇන්රිච් නොර්ට්ජේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment