ශී‍්‍ර ලංකා නාමය නොමැති මුද්දරයක් නිකුත් කරලා – පසුව බෙදැහැරීම අත්හිටුවයි

219

ශී‍්‍ර ලංකාවේ නම සඳහන් නොකර තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පසුගිය වසරේ තැපැල් මුද්දරයක් නිකුත් කර පසුව බෙදාහැරීම අත්හිටුවා තිබේ.

මෙවැනි වැරදි තැපැල් මුද්දර දේශීය හා විදේශීය තැපැල් මුද්දර වෙළෙඳ පොළේ වැඩි මිලකට අලෙවි වන බවද කියැවේ.

තැපැල් මුද්දරයක් මුද්‍රණය කිරීමේදී ශී‍්‍ර ලංකාවේ නම භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතුයි. ඒ වගේම මුද්දරයේ වටිනාකම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. නමුත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා මුද්දර ගණනාවක් නිකුත් කිරීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බව එම කාර්යාංශයේ හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික අනුර සමරවීර මහතා පැවැසීය. ‘දිවයින’ මේ පිළිබඳව මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ එම්. ශාන්ත කුමාර මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ රජයේ මුද්‍රණාලයේදී මුද්දරය මුද්‍රණය කිරීමේදී මෙම වැරදි මුද්දරය මුද්‍රණය වී ඇති බවයි. මෙම මුද්දරය තැපැල් කටයුතු සඳහා නිකුත් කිරීම මේ වන විට නතර කර ඇතැයිද සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකරන බවද හෙතෙම පැවැසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment