ශී‍්‍ර ලංකා පාකිස්තාන් වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප‍්‍රතිලාභ ලැබිය යුතුයි

99
  • වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශී‍්‍ර ලංකා පාකිස්තාන වෙළෙඳ ගිවිසුම තුළින් සලසා තිබෙන සහනදායී වැඩපිළිවෙළින් උපරිම වෙළෙඳ ප‍්‍රතිලාභ ලැබිය යුතු යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාකිස්තානයේ නිල සංචාරයක යෙදෙන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එරට විදේශ ඇමැතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

දෙරට අතර ඇතිකර ගෙන තිබෙන පළමු නිදහස් වෙළෙඳ ගිවිසුමට වසර 18ක් ගතවුවත් මේ දක්වා ඉන් උපරිම ප‍්‍රයෝජන ලබාගැනීමට දෙරටම කටයුතු කර ඇත්තේ අවම වශයෙන් බැවින් එහි උපරිම ප‍්‍රයෝජන ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය වී ඇතැයි වෙළෙඳ ඇමැතිවරයා සඳහන් කර ඇත.

පාකිස්තානය සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ප‍්‍රකාරව නිරන්තර ද්විපාර්ශ්වික සාකච්ඡුා සිදුකිරීම සඳහා මාර්ගගත ක‍්‍රමවේද මෙන්ම තානාපති කාර්යාලවල සහයෝගය ද ව්‍යාපාරික ප‍්‍රජාව වෙත ලබාදිය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

දෙරට සඳහාම වන වෙළෙඳ සහයෝගිතාව තාක්ෂණික, ඖෂධ, ඛනිජ, ඇඟලුම්, අධ්‍යාපන මෙන්ම සංචාරක ඇතුළු ක්‍ෂේත‍්‍රයන්

ගණනාවක් ඔස්සේ ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම උපරිම වශයෙන් භාවිතා කළ යුතු බවද වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දෙරට අතර පවතින මිතුදම ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පෙන්වාදුන් පාකිස්තාන විදේශ ඇමැතිවරයා වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපන, ආරක්ෂක, කෘෂිකාර්මික මෙන්ම මානව සම්පත් සංවර්ධනය යන ක්‍ෂේත‍්‍ර ඔස්සේ ද වර්ධනය විය යුතු බවත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය සිහිපත් කර ඇති විදේශ ඇමැතිවරයා අන්තර් සබඳතා පුළුල් කිරීම තුළින් පාකිස්තානු – ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ප‍්‍රශස්ත ලෙස භාවිතා කිරීම තුළින් ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමට සියලු පියවරයන් ගත යුතු බව ප‍්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡුාව සඳහා ශී‍්‍ර ලංකාවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සමග විදේශ අමාත්‍යාංශයේ සහ වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් සහ ශී‍්‍ර ලංකා හා පාකිස්තානු ව්‍යාපාරික පිරිසක් එක්ව සිටියහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment