ශී‍්‍ර ලංකා පාපන්දුව පියවරකින් උඩට එයි

186

අන්තර් ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව පියවරක් ඉදිරියට තබමින් ලොව 204 වැනි ස්ථානය තහවුරු කර ගන්නට ශ‍්‍රී ලංකාවට හැකිවී තිබේ. ඒ ප‍්‍රසාද ලකුණු 840.11 ලබා ගනිමිනි.

2019 නොවැම්බර් මස 205 ස්ථානයේ ද 2020 පෙබරවාරි මස 206 ස්ථානයේ ද නැවත 2021 ආරම්භයේදී 205 ස්ථානයේ ද පසු වූ ශ‍්‍රී ලංකාව ඉකුත් 21 දින සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම අනුව එක් පියවරක් ඉදිරියට තැබීමට හැකි වී තිබේ.

ප‍්‍රසාද ලකුණු 1832.33 සමගින් මෙහි පළමු ස්ථානය බෙල්ජියම හිමි කර ගන්නා අතර වාරයේ බ‍්‍රසීලයට දෙවැනි ස්ථානය (1820.36) ද ප‍්‍රංශයට තෙවැනි ස්ථානය (1779.24) ද හිමි වී තිබේ.

ආසියාතික රටවල් අතරේ ප‍්‍රථම

ස්ථානය ඉරානය තහවුරු කරගෙන ඇති අතර දෙවැනි ස්ථානය ජපානයට ද තෙවන ස්ථානය ඕස්ටේ‍්‍රලියාවටද හිමි වී තිබේ.

දකුණු ආසියාතික රටවල් අතරින් පළමු ස්ථානය ඉන්දියාව තහවුරු කර ගෙන ඇත්තේ එක් පියවරක් ඉදිරියට තබමිනි. ඒ අනුව 107 සිට 106 ස්ථානය දක්වා පැමිණීමට ඉන්දියාවට හැකි වී තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment