ශී‍්‍ර ලංකා පැරාලිම්පික් කණ්ඩායම ජපානයට…

553

2020 පැරාලිම්පික් උළෙල ජාපානයේ ටෝකියෝ නුවරදී ලබන 24 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව එ් සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද (19 වැනිදා) රාති‍්‍රයේදී මෙරටින් පිටතව යෑමට නියමිතව තිබේ.

ශී‍්‍ර ලංකා පැරාලිම්පික් කණ්ඩායම ජපානයට...

ශ‍්‍රී ලංකා පැරා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9ක් ඇතුළත් වන අතර, කණ්ඩායමේ නායකත්වය පසුගිය රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩක දිනේෂ් ප‍්‍රියන්ත හේරත්ට පවරා ඇත. ඔහු විසින් පැරාලිම්පික් සමාරම්භක උලෙළේදී ශ‍්‍රී ලංකා ධජය රැුගෙන යෑමට නියමිතය.

 ටෝකියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙළේදී ක‍්‍රීඩා 4ක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වන අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්වට ක‍්‍රීඩකයන් 3ක්, වෙඩි තැබීම, පිරිමි මීටර් 400 හා කාන්තා දුර පැනීම යන ඉසව් සඳහා එක් අයකු බැගින් සහභාගී

 වීමට නියමිතව තිබේ. එහිදී ත්‍44 සහ ත්‍64 කාණ්ඩවලින් හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්වට ත්‍42 කාණ්ඩයෙන් පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වේ ඔ47 කාණ්ඩයෙන් මධුරංග සුබසිංහ, මීටර 100 ඔ45/46 කාණ්ඩයට සහ දුර පැනීම ඉසව්වෙන් කුමුදු ප‍්‍රියංකා සහ රෝදපුටු ටෙනිස් ඉසව්වෙන් රංජන් ධර්මසේන, දුනු විදීමේ ඉසව්වෙන් සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීම ඉසව්වෙන් මහේෂ් ජයකොඩි තරගවැදීමට නියමිතය.

 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට අනුග‍්‍රාහක ශක්තිය එකතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment