ශී‍්‍ර ලංකා පිතිකරුවන් දක්ෂතා දැක්වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීම අපහසු නෑ…. පුහුණුකරු මිකී ආතර්

329

ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙලේ වෙනසක් සිදුකළ යුතු බවත් පසුගිය කාලය තුළදී කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියා සිටී. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕමානය සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ඕමාන කණ්ඩායම සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක් කී‍්‍රඩා ශී‍්‍ර ලංකාව ඊයේ (03 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබිණි. එ් අනුව ඊට පෙර පැවැති මාධ්‍ය හමුව අමතමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෝක කුසලාන තරගාවලියේදී සිය කණ්ඩායමේ වෙනස්කම් සහ සැළසුම් පිළිබඳ අදහස් දක්වා සිටියේය. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දුර්වලතාවන් අතර පිතිකරණය ප‍්‍රධානම අඩුපාඩුව බව කියා සිටි මිකී ආතර් ”ඇත්තටම මේ දවස් ටිකේ අපේ ක‍්‍රීඩකයන් ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කළා. ඒ දින කීපයේදී අපිට පුහුණු තරග 3 කට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවුණු අතර එහිදී පන්දුවට පහර දීමේදී ඉතා හොඳ පුහුණුවක් ලබාගනු ලැබුවා. මම හිතන්නේ අපේ පිතිකරණය සාර්ථක වුණොත් ලෝක කුසලාන තරගාවලිය තුළ අපිට හොඳ ගමනක් තියේවි. අපේ පන්දු යැවීමේ බලඇණිය ඉතාම ඉහළයි. එ් වගේම පන්දු රැුකීමේ ප‍්‍රමිතියත් විශාල ලෙස වැඩි දියුණුවෙලා තියෙනවා’ යනුවෙන් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරණ රටාවේද වෙනසක් සිදුකළ යුතු බව ශී‍්‍ර ලංකා පුහුණුකරු කියා සිටියේය. ”ඇත්තටම අපි පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදු කිරීමට පියවර ගත් අතර එහිදී අපේ අය හරියට ලකුණු අතරට ආවොත්, ඒකෙන් අපිට හොඳ අවස්ථාවක් ලැබේවි’’ යනුවෙන් එහිදී ආතර් සඳහන් කර සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු ප‍්‍රධානම පිතිකරුවකු වන කුසල් පෙරේරා පිළිබඳව ද අදහස් දක්වමින් ආතර් සඳහන් කර සිටියේ ආබාධිත තත්ත්වයෙන් ඔහු සුවය ලබා සිටින නමුත් ඔහුට වැඩි බරක් පුහුණුවීම්වලදී ලබා නොදුන් බව සඳහන් කර සිටියේය. එහෙත් කුසල් පුහුණුවීම් සිදුකළ අවසන් දිනය වූ පෙරේදා (02 වැනිදා) දිනයේ පැවැති පුහුණු තරගයට ක‍්‍රීඩා කළ බවද ආතර් සඳහන් කර සිටියේය. මේ හේතුවෙන් ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග වලදී කුසල්ව ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත වනු ඇත.

කණ්ඩායමට ඇතුළත්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අයි.පී.එල්. තරගාවලියට සහභාගිව සිටින නිසා ඕමානයට එරෙහි පුහුණු තරග 2 ට ක‍්‍රීඩා කිරීමේ

අවස්ථාව ඔවුන්ට මඟ හැරෙනු ඇත. එහෙත් තවත් ක‍්‍රීඩකයන් 20 දෙනකු සංචිතයේ පසුවෙන බැවින් තරග වැදීමේ අවස්ථාව ඔවුන්ට විවෘත වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment