ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ අවසන් මහා තරගය අද

216

* මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාව

 මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර අද (28 වැනිදා) ප.ව. 4.00ට බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වේ.

 සත්කාරක බංග්ලාදේශ සමග පෙරේදා (26 වැනිදා) පැවැති තරගය වට 3-1ක් ලෙස ජයගත් ශි‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව මුහුණ දෙනු ඇත.

 ශී‍්‍ර ලංකා කණ්ඩායම 17-25, 26-24, 25-18 සහ 25-21ක් ලෙස බංග්ලාදේශය මූලික වටයේදී පරාජයටපත් කළ අතර නේපාලයට සහ උස්බෙකිස්තානයට එරෙහිව පැවැති තරග දෙක ද වට 3-1ක් ලෙස වට 3-0ක් ලෙස පිළිවෙළින් ජයග‍්‍රහණය කළේය.

 මේ අතර ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පැවැති තරගයේදී උස්බෙකිස්තානය හමුවේ පරාජයට පත්වූ අතර ඔවුන් අද (28 වැනිදා) තුන්වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

 කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය හමුවේ පරාජයට පත් වූයේ වට 3-2ක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment