ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ යොවුන් එක්දින කි‍්‍රකට් තරගාවලිය 15 වැනිදා සිට

164

සංචාරක බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා වයස 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියේ කාල සටහන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඊයේ (26 වැනිදා) ප‍්‍රකාශයට පත් කළේය. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ලබන ඔක්තෝබර් මස 15 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තීරණය වී තිබේ.

එළැඹෙන 19න් පහළ ආසියානු කුසාලනය සහ 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙරහුරවක් ලෙස මෙම ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය සංවිධානය කර තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වෙන අදාළ එක්දින තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ලබන මස 07 වැනිදා මෙරටට පැමිණිමට නියමිතව තිබේ. එහිදී එම කණ්ඩායම විශේෂ ජෛව ආරක්ෂක බුබුලක් යටතට පත් කිරීමට නියමිත අතර තරගාවලිය පුරාම කණ්ඩායම දෙකම එම ආරක්ෂිත ජෛව බුබුල යටතේ කී‍්‍රඩා කළ යුතුව තිබේ. එ් හේතුවෙන් තරගාවලිය පේ‍්‍රක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දන්වා සිටී.

ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායම අවසන් වරට කි‍්‍රකට් තරගාවලියක් කී‍්‍රඩා කළේ 2019 වසරේ වන අතර කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් යොවුන් කි‍්‍රකට් පිටිය වසා තැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට සිදුවිය. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට කී‍්‍රඩා කළ එක්දින තරගාවලිය පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමගින් පැවැති අතර එහිදී තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය.

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු කී‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කරනු ලබයි. මීට අමතරව උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් සචිත් පතිරණ දඟ පන්දු පුහුණුකරු ලෙසත් චමිල ගමගේ වේග පන්දු පුහුණුකරු ලෙසත් ධම්මික සුදර්ශන පිතිකරණ පුහුණුකරු ලෙසත් කටයුතු කරනු ලබයි.

දෙරට අතර පළමු එක්දින තරගය ඔක්තෝබර් 15 වැනිදාත්, දෙවැනි තරගය ඔක්තෝබර් 18 වැනිදාත්, තුන්වැනි තරගය ඔක්තෝබර් 20 වැනිදාත් සිව්වැනි තරගය ඔක්තෝබර් 23 වැනිදාත් පස්වැනි සහ අවසන් තරගය ඔක්තෝබර් 25 වැනිදාත් පැවැත්වේ. කෙසේ වෙතත් මේ තරගාවලිය පැවැත්වෙන කී‍්‍රඩාංගණය පිලිබඳ නිල වශයෙන් දැනුම් දීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සිදුකර නොමැති අතර තරගාවලිය දඹුලූ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට බොහෝවිට ඉඩ ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment