ශී‍්‍ර ලංකා මුහුදට පැනීම ඉන්දීය ධීවරයන්ට තහනම් කරයි

214

ඉන්දීය ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා ගොස් මසුන් මැරීමෙන් වළකින ලෙසට ඉන්දියාවේ තමිල්නාඩු රජය තමිල්නාඩු පොලිසිය හරහා 18 දා දැනුම් දී තිබේ.

ඉන්දීය ධීවරයන්ට එරෙහිව උතුරේ ධීවරයන් මේ දිනවල දැඩි ලෙස සංවිධානය වී සිටීම නිසා උතුරේ ධීවරයන්ගෙන් ඉන්දියානු ධීවරයන්ට යම් ප‍්‍රහාරයක් එල්ල විය හැකි නිසාත් දැනට ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් පිරිස බේරා ගැනීමේ කටයුතුවලට සහාය ලබාදීමක් වශයෙනුත් මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් මැරීමෙන් වළකින ලෙස තමිල්නාඩු පොලිසිය උපදෙස් දී තිබේ.

දෙරටම මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡුා කොට යම් විසඳුමක් ලබා ගන්නා තුරු ඉන්දීය ධීවරයන්ට ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙසත් මුහුදේදී ශ‍්‍රී ලාංකික ධීවරයන් සමග අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් තමිල්නාඩු පොලිසිය සියලූම ඉන්දීය ධීවරයන් වෙත දැනුම් දී තිබේ.

මේ අතර මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා කලාපය ඉතා සංවේදී මුහුදු කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා මුහුදු ප‍්‍රදේශයේදී ඉන්දීය ධීවරයන් තහනම් ධීවර උපකරණ භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නියැළීම නිසා ඩොල්ෆින්, නිල් තල්මසුන් සහ කැස්බෑවන් වැනි මුහුදු ජීවීන්ට විශාල බලපෑමක් සිදුවන බවට පරිසරවේදීන් නිතර නිතර පෙන්වා දීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment