ශී‍්‍ර ලංකා යෞවනයෝ තරගාවලිය 1-1 ක් ලෙස සම කරති

308

වයස අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 148 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (03 වැනිදා* සමත් විය.

පවන් පතිරාජ ලබා ගත් ලකුණු 113 මතින් සවිමත් වුණු ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 251 ක් ලබා ගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31 යි පන්දු 4 කදී ලකුණු 103 කට සියලූ දෙනා දැවී ගියේය. චනුජ සහන් එංගලන්ත කණ්ඩායමේ කඩුලූ 5 ක් දවා ගත් අතර මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment