ශී‍්‍ර ලංකා යෞවනයෝ තරගාවලිය කලින්ම දිනති… බංග්ලාදේශයට තෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 3ක පරාජයක්

476

ෂෙවෝන් ඩැනියෙල් සහ වනුජ සහන්ගේ නොදැවුණු අර්ධ ශතක සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ 19 පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී කඩුලූ 3ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා 19න් පහළ යොවුන් කී‍්‍රඩකයෝ ඊයේ (20 වැනිදා) සමත්වූහ. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පිට පිටම පළමු තරග 3ම ජය ගනිමින් 3-0 බිංදුවක් ලෙස තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගැනීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණි.

දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩා පිටියේදී ලකුණු 185ක ජයග‍්‍රහාහී ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා පළමු කඩුලූ 2 මුළු ලකුණු 14දී බිඳ වැටුණි. එ් අනුව ලකුණු නොලබා හරිඳු ජයසේකර දැවී යද්දී රයන් ප‍්‍රනාන්දුගේ ඉනිම ලකුණු 9කට සීමා කිරීමට මුෂ්ෆික් හසන් සමත්විය. ශී‍්‍ර ලංකා තුන් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ ෂෙවෝන් ඩැනියෙල් සහ පවන් පතිරාජ සෙමින් සෙමින් ලකුණු 75ක සම්බන්ධතාවක් සිය ඉනිමට එක්කාසු කළේය. තරගයේ 21 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක කළ හෝෂන් හබිබ්ගේ

පන්දුවක් හමුවේ පන්දු යැවූ කී‍්‍රඩකයා අතටම උඩපන්දුවක් ලබා දී පවන් පතිරාජ දැවී යෑම මත ශී‍්‍ර ලංකා ඉනිමේ එම සම්බන්ධතාවට තිත වැටුණි. පවන් පතිරාජ පන්දු 42කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් වාර්තා කළේය.

අනතුරුව කි‍්‍රයාත්මක වූ පන්දුවාර 6ක් තුළදී ලකුණු 7ක් ඇතුළත ශී‍්‍ර ලංකා ඉනිමේ මැදපෙළ කඩුලූ 3ක් බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. එ් අනුව රවීන්ද සිල්වා ලකුණු 02කටත්, ළහිරු දෙවැටගේ සහ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු ලබා ගැනීමට පෙරාතුව නැවත

කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නේමුර රොමන් සහ හෝෂන් හබීබ් සමත්විය.

ශී‍්‍ර ලංකා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ෂෙවෝන් ඩැනියෙල් සමගින් පිටියට එක්වූ විනුජ රන්පුල් ලකුණු 26ක සම්බන්ධතාවක් එක් කරමින් ගරා වැටුණු ශී‍්‍ර ලංකා ඉනිම නැවත ගොඩනගන්නට උත්සාහයක් දරුවද මුෂෆික් හසන්ගේ

පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 10ක් ලබා සිටි විනුජ රන්පුල් දැවී ගියේය.

ශක්තිමක් පවුරක් ලෙසින් ශී‍්‍ර ලංකා ඉනිමේ එක් අන්තයක් රැුකගත් ෂෙවෝන් ඩැනියෙල් 8 වැනි කඩුල්ලට පිටියට එක් වූ වනුජ සහන් සමගින් ලකුණු 66ක නොබිඳුණු සම්බන්ධතාවක් එක් කරමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රාහී මාවතට කැන්දාගෙන යෑමට සමත්විය. එහිදී පන්දුව 117ක් පුරා නොදැවුණු ෂෙවෝන් ඩැනියෙල්ගේ ඉනිම ලකුණු 85ක් ලෙස සටහන් වෙද්දී එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඊට ඇතුළත් විය. වනුජ සහන් පන්දු 53කදී හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 38ක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම එක් අවස්ථාවකදී පන්දුවාර 33කදී ලකුණු 107කට කඩුලූ 8ක් දැවී අසීරු අඩියකට පත්වී තිබිණි. එහිදී කි‍්‍රයාත්මක වූ හෝෂන් හබිබ් සහ අෂිකුර් සමාන් 09 වැනි කඩුල්ල සඳහා ලකුුණු 71ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. හෝෂන් හබීබ් ලකුණු 33ක් වාර්තා කළ අතර අෂිකුර් සමාන් පන්දු 73කදී නොදැවී ලකුණු 54ක් වාර්තා කිරීමට සමත්විය. ඊට හතරේ පහර 7ක් එක් කිරීමට ඔහු සමත්විය. නේමර් රෝමන් පන්දු 46කදී ලකුණු 27ක් සිය ඉනිමට එක් කළේය.

බංග්ලාදේශ යොවුන් ඉනිමේ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු නොලබා කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ ඊයේ සමත්වූහ. එහිදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම කාර්යභාරයක් ඉටුකළ විනුජ රන්පුල් පන්දුවාර 7ක් කි‍්‍රයාත්මක කරමින් එක් නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 32කට කඩුලූ 3ක් බිඳ දැමීය. රවීන්ද සිල්වා පන්දුවාර 10ක් කි‍්‍රයාත්මක කරමින් ලකුණු 38කට කඩුලූ 3ක් බිඳ දැමීය. වනුජ සහන් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 26ක් පමණක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමින් නිලකුණු පන්දුවාර 3ක්ද සමගින් බංග්ලාදේශ ඉනිමේ කඩුලූ 2ක් බිඳ දැමීය. ටෙ‍්‍රවීන් මැතිව් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.

ලකුණු සටහන

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 184යි.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 46.4කදී කඩුලූ 7ක් දැවී ලකුණු 188යි.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment