ශී‍්‍ර ලංකා යෞවනයෝ බංග්ලදේශය ලකුණු 42කින් පරදවති

396

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට  ශී‍්‍ර ලංකාව සමත් විය.

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 228ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කර බංග්ලාදේශයට සියලූ දෙනා දැවී රැුස් කර ගත වූයේ ලකුණු 186 ක් පමණි. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රවීන් මැතිව් ලකුණු 29 කට කඩුලූ 4 ක් බිඳ හෙළමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවේය. ෂෙවොන් ඩැනියෙල් ලකුණු 21කට කඩුලූ දෙකක් දවා ගත් අතර නායක වෙල්ලාලගේ, පතිරණ සහ සී. වික‍්‍රමසිංහ එක් කඩුල්ල බැගින් දවා ගත්හ. බංග්ලාදේශ පිතිකරුවන් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වෙද්දී අශි මුල්ලා ලකුණු 86 ක් සහ අර්ෆුල් ඉස්ලාම් ලකුණු 38 ක් ලබා ගත්හ. සිව්වැනි සහ පස්වැනි කඩුලූ අතර ගොඩනැංවුණු අර්ධ ශතක සම්බන්ධතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 229 ක ඉලක්කයක් ලබා දීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේදී මුල් කඩුලූ 3 ම ලකුණු 32 කදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වද්දී ශ‍්‍රී ලංකාවට සැනසිල්ලක් ගෙන ආ පතිරාජ

ශ‍්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා බවට පත්විය. පතිරාජ 6 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලබා ගත් ලකුණු 67 සඳහා පන්දු 88 ක් වැය කර තිබුණේය.

හතරේ පහර 5 කින් ඉනිම වර්ණවත් කරගත් මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින පතිරාජ, සදීෂ රාජපක්ෂ සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් උප නායක රවීන්ද සිල්වා සමඟ ලකුණු 80 ක්ද ගොඩනංවමින් ශ‍්‍රී ලංකාව අසීරුතාවෙන් මුදා ගත්හ. පීඩනය අතරින් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම කුමක්ද යන්න හරි හැටි වටහා ගනිමින් පන්දුවට පහර දුන් රවීන් ලකුණු 29 ක් ලබා ගත්තේ පතිරාජට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.

ආරම්භයේ සිටම ඉතාම නිවැරදි ඉලක්කට පන්දු යැවු බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව පිති මුවහත් කළ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අතර සදීෂ රාජපක්ෂට පසු අංක 10 පිතිකරණ ස්ථානයෙන් පැමිණි ඉසුරු රොද්‍රිගෝ කැපී පෙනුණි. ඉනිමේ වැඩිම ප‍්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියූ (166.66) ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරනු ලබන යසිරු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී රිපොන් මොන්ඩොල් ලකුණු 59 කට කඩුලූ 3 ක් සහ අශිකුර් සමාන් ලකුණු 43 කට කඩුලූ 2 ක් දවා ගනිමින් කැපී පෙනුණි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment