ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලෝකයේ හයවැනි තැනට

141

ඉතාලියේදී කි‍්‍රයාත්මක ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේදී 06 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සමත්විය.

තරගාවලියේ පහ සහ හය වැනි ස්ථාන තේරීම වෙනුවෙන් පැවැති තරගයේදී ප‍්‍රබල ජපාන කණ්ඩායම හමුවේ තරග වට 2-0ක පරාජයක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිවිය. එ් අනුව අදාළ තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හය වැනි ස්ථානයට පත්වූ අතර ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියකදී ශී‍්‍ර ලංකාව වාර්තා කළ ඉහළම දස්කම ලෙසින් මෙය සටහන් වේ.

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවැති ලෝක ශූරතා රෝද පුටු තරගාවලියේ මූලික වටයේදී පළමු තරගයේදී තරග වට 3-0ක් ලෙසින් ශී‍්‍ර ලංකාව ප‍්‍රංශය හමුවේ පරාජයට පත්විය. අනතුරුව බෙල්ජියම සහ බ‍්‍රසීලයට එරෙහිව ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වීද පෝලන්තය හමුවේ 2-0ක් ලෙසින් පරාජයට පත්විය.

 ඡායාරූපය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment