ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායම බංග්ලාදේශයේදී නේපාලය සහ මලදිවයින පරදවයි

187

බංග්ලාදේශයේ ඩකා අගනුවරදී කි‍්‍රයාත්මක මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය යටතේ ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම සහභාගි වූ තවත් තරග දෙකක් ජය ගැනීමට සමත්විය. එ් අනුව එහිදී කාන්තා කණ්ඩායම මාලදිවයිනට එරෙහිවත් පිරිමි කණ්ඩායම නේපාල කණ්ඩායමටත් එරෙහිව මෙම ජයග‍්‍රහණ දෙක වාර්තා කළේය.

තරගාවලියේ ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ තෙවැනි තරගය මාලදිවයින කණ්ඩායම සමගිනි පැවැති අතර එහිදී තරග වට 3-0ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. පළමු තරග වටය ලකුණු 25-15ක් ලෙසත් දෙවැනි තරග වටය 25-14ක් ලෙසත් සහ තෙවැනි තරග වටය 25-13ක් ලෙසත් ජය ගැනීමට එහිදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

තරගාවලියේ ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තෙවැනි තරගය නේපාල කණ්ඩායම සමගින් පැවැති අතර එහිදී තරග වට 3-2ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම සමත්විය. තරගයේ පළමු වට දෙකම 25-19ක් සහ 25-21ක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්වූ අතර ඉතිරි තරග දෙක 25-15ක් සහ 25-13ක් ලෙස නේපාල කණ්ඩායම ජයගත්තේය. තීරණාත්මක පස්වැනි වටය 15-13ක් ලෙස ජයැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment