ශුද්ධ වූ බයිබලයෙන් ආ දරු කැක්කුම

255

ඔබ තාත්තා කෙනෙක් විදිහට දරුවන්ට ආදරය කිරීම පිළිබඳව මොනවද දන්නේ කියා කතෝලික වෛද්‍යවරයෙක් වූ මගේ මිත‍්‍රයෙක් දිනක් මගෙන් විමසුවා. මා ඔහුට දුන් පිළිතුර වූයේ වෛද්‍ය විද්‍යානුකූලව දරුවන්ට ආදරය කිරීමට දැනුවත්කමක් නොතිබුණත් ඇඟට පතට දැනෙන ලෙසින් දරුවන්ට ආදරය කිරීමට මා හොඳින් දන්නා බවයි.

ඒත් සමගම මා ඔහුගෙන්ද ප‍්‍රශ්නයක් විමසුවා. සමහර දෙමාපියන් ප‍්‍රකාශ කරන්නේම මම දරුවට ආදරෙයි ඒත් ඒ බව මම එයාට පෙනේනන්නේ නැති බවයි. මා වෛද්‍ය මිත‍්‍රයාගේ පිළිතුර වූයේ ඇත්තෙන්ම දරුවන්ට ඇඟට පතට දැනෙන්න හැෙඟන්න නැති ආදරයක් අවශ්‍ය නැති බවයි. දරුවන් යනු අහිංසක අසරණ නිරන්තරයෙන්ම අන් අයගේ සහය නොඅඩුව ලැබිය යුතු බවද වෛද්‍ය මිතුරා මා වෙත අවධාරණය කළා. අප දෙදෙනාටම බයිබලය පිළිබඳ මෙලෝ දැනුමක් නොතිබුණත් දරුවන් පිළිබඳ ශුද්ධවු බයිබලයේ සඳහනකට මාගේ මිත‍්‍රයා මාගේ අවධානය යොමු කළා.

දිනක් දරුවන් පිට අත තබා යාච්ඤා කරවා ගන්නා පිණිස දෙමාපියන් තම දරුවන් ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ වෙත රැගෙන පැමිණියා.

එම වෙලෙහි ජේසුස් වහන්සේ මහත් වෙහෙසකාර තත්ත්වයට පත්ව සිටින නිසා දරුවන් ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ වෙත රැගෙන ඒම වළක්වාලීමට කි‍්‍රස්තුස් වහන්සේගේ ශ‍්‍රාවකයින් උත්සාහ කළා. ඒ බව දුටු කි‍්‍රස්තුස් වහන්සේ ප‍්‍රකාශ කළේ දරුවන් මා වෙත එන්න ඉඩදෙන්න ඔවුන් නොවළක්වන්න මන්ද දේව රාජ්‍ය මෙවැන්නන්ගේය කියලයි.

වෛද්‍ය මිත‍්‍රයා දිගින් දිගටම කතා කරමින් ප‍්‍රකාශ කළේ රටක් රාජ්‍යක් සහ එහි අනාගතය අයිති වන්නේ අනාගත පරම්පරාවට යනුවෙන් ප‍්‍රභූන්ට උගතුන්ට සහ වියතුන්ට ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කළේ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ බවයි. එබැවින් අනාගතය භාර ගැනීමට සිටින අපේ දරුවන්ට නිරන්තර ආදරය සහ රැකවරණය ලබාදීම දෛනික ජීවිතයේ ප‍්‍රමුඛ කාර්යයක් බවයි.

අප දරුවන්ට ආදරය කළ යුත්තේ අපේ අනාගතය දෙවියන් වහන්සේ තුළ ශුද්ධවන්ත්වයට පත් කිරීමට සිටින එකම පරම්පරාව ඔවුන් වන නිසයි.

රාජ්‍ය පාලනය යනු රටක සමාජය දේව කැමැත්ත ඉෂ්ඨ කරවීම නිසා නොකළැල් පිවිතුරු සහ ඇඟට පතට දැනෙන ආකාරයෙන් වැඩිහිටියන් වන අප දරුවන්ට ආදරය කළ යුතු බව මා වෛද්‍ය මිත‍්‍රයා සමගින් ප‍්‍රකාශ කළා.

දෙමාපිය වැඩිහිටියන්ගේ එවැනි ආදරයකට නතු වූ දරුවන් කිසි දිනක සමාජය වෙත නපුරක් අහිතක් කිරීමට නොපෙළඹෙන බව අප මා මිත‍්‍ර වෛද්‍යවරයා ප‍්‍රකාශ කළා. එම නිසා සඟවා ගත් ආදරය පසෙක තබා ඇඟට පතට දැනෙන ආදරයකින් අපි අපේ දරුවන්ට ආදරය කළ යුතු බව අප දෙදෙනාම පසක් කර ගත්තා.

රුක්මාල් සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment