ශුධ වූ පාවුළු තුමාණන්ගේ වදන්

957

භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයාට යටත්ව සිටින්න. පුරුෂයෙනි රළු නොවී ඔබේ භාර්යාවනට පේ‍්‍රම කරන්න. (කොලොස්සි 3:18-19)

ශු. පවුලූ තුමාගේ උපදේශ නිතරම ස්ත‍්‍රී, පුරුෂයන්ට සමබර ලෙස දීම කැපී පෙනෙයි. පුරුෂයනට යටත්ව සිටීම ගැන භාර්යාවන්ටත් භාර්යාවන්ට පේ‍්‍රම කිරීම ගැන පුරුෂයන්ටත් ශු. පාවුලූ තුමා උපදෙස් දෙයි. අද සමාජයේ මෙම කරුණු උඩුයටිකුරු වීම නිසා පවුල් තුළ නොයෙකුත් ප‍්‍රශ්න ගැටලූ පැන නැගී ඇති බව රහසක් නොවේ.

ශු. පාවුලූ තුමා ලියූ හසුන්පත් කිහිපයකම යුග දිවිය සුරු ගන්වා ගැනීමට කිතුනු යුවතිපතීන්ටදී ඇති පණිවුඩ සමූහය මෙහිදී සුවිශේෂීව කැපී පෙනෙයි. යුග දිවියේ පිවිතිරියාව අකලංකව රැුක ගැනීමේ අවැසියාව මනාව පෙන්වා දෙන ශු. පාවුලූ තුමාගේ ඉගැන්වීම් එදාට මෙන්ම අදට ද බෙහෙවින් වැදගත් වෙයි. අද සමාජයේ බොහෝ යුග ජීවිත වැඩිකල් නොයවාම කඩාකප්පල් වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. සිය විවාහය නිෂ්ප‍්‍රභා කර ගැනීමට කතෝලික විවාහ අධිකරණයක් කරා පැමිණෙන්නට සුළු පටු නොවෙයි. එවැන්නන්ට ශු. පාවුලූ තුමාගේ හසුන්පත්වල දැක්වෙන උපදේශ කොතරම් අගේද?

සිය විවාහක බිරිඳට පේ‍්‍රම නොකිරීම, සිය විවාහක පුරුෂයාට අවනත නොවීම නිසා විවාහය අවුල් කරගන්නෝ කොතෙක් වේද? එවැන්නන්ට ‘‘භාර්යාවෙනි කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයනට යටත්ව සිටින්න. පුරුෂයෙනි රළු නොවී ඔබේ භාර්යාවන්ට පේ‍්‍රම කරන්න’’. (කොලොස්සි 3:18-19) යන උපදෙස් කොතරම් සරිලන්නේද?

අඹු සැමියන්ගෙන් එකිනෙකාට විය යුතු යුතුකම් ඉටුනොවීමේ හේතුවෙන්ද වැඩි කල් නොයවාම විවාහ ජීවිත අඩාල කරගෙන කතෝලික විවාහ අධිකරණයන් කරා ඇදීඑන විවාහක යුවළ සංඛ්‍යාව බෙහෙවින් වැඩිවෙමින් පවතින බව ඒවායේ සංඛ්‍යාලේඛන ඔප්පු කරයි. අද කොළඹ අගරදගුරු පදවිය විවාහපේක්ෂක සමුළු වැඩසටහන් දින දෙක දක්වා දීර්ඝ කර ඇත්තේ මෙම කරුණු සැලකිල්ලට ගනිමිනි. මෙම දෙදින තුළ දේශන 8 ක් විවාහපේක්‍ෂකයන් වෙනුවෙන් පවත්වන අතර ඒ පිළිබඳ හොඳ ප‍්‍රතිචාර නිබඳවම ලැබෙයි. ඔවුන්ගේ දෙමාපියන් සඳහා පැවැත්වෙන දේශනයට ද හොඳ ප‍්‍රතිචාර ලැබී ඇත.

විවාහ ජීවිත සරු ගන්වා ගැනීමට ශු. පාවුලූ තුමාගේ හසුන්පත්වලින් දෙනු ලබන පණිවුඩ ප‍්‍රයෝජනයට ගනිමු. එම හසුන්පත් සම්පූර්ණයෙන්ම පරිශීලනය කිරීමට විවාහකයන් මෙන්ම විවාහපේක්‍ෂකයන්ද දිරිගන්වමු.

සී. ආර්. ඩික්සන් ඇන්ටනි

advertistmentadvertistment
advertistmentadvertistment