ශු. පේදුරු තුමා (ක‍්‍රි. ව. 67)

1718

ශු. පේදුරු තුමන් ජේසු තුමන්ගේ ප‍්‍රධාන ගෝලයාය. එතුමා උපත ලබා ඇත්තේ ගලීල මුහුද අසබඩ පිහිටි ‘‘බෙත්සයිදා’’ නම් ගමෙහිය. ඔහුගේ විවාහයෙන් පසු ඔහු තම සොහොයුරු ‘‘අන්ඳෙ’ සම`ග ‘‘කප්නොහුව්’ හි වාසය කළේය. පේදුරු තුමා ධීවරයෙකි. මෙතුමාට ‘කේපස්’ යනුවෙන් ද අමතන ලදී. එහි අර්ථය නම් පර්වතයයි.

‘‘ඔබ පේදුරුය, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි යමක් බඳිනු ලබන්නෙහිද, එය ස්වර්ගයෙහි ද බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහි යමක් මුදන්නෙහිද එය ස්වර්ගයෙහි දී ද මුදනු ලබන්නේය’’ යි ජේසුස් වහන්සේ පේදුරු තුමාට වදාළ සේක. (මතෙව් 16:18-19)

පේදුරු තුමා කතෝලික සභාවේ පළ වූ නායකයාය. පාප් තනතුර ආරම්භ වන්නේ එතුමාගෙනි. ජේසුස් වහන්සේගේ මරණින් පසු එතුමා අධෛර්යයට පත් වූවද නැවත උන්වහන්සේගේ උත්ථානයෙන් පසු ශුද්ධාත්ම අංගවනයෙන් ප‍්‍රාණ පරිත්‍යාගය දක්වා කිතුනු දහමට සාක්‍ෂි දැරීය.

පේදුරු තුමන්ගේ පළමු දහම් දෙසුමේදී පන්දාහක ජනතාවක් කිතුදහම වැළඳ ගත්හ. ක‍්‍රි. ව. 43 දී පළමුවන හෙරෝද් රජු විසින් ශු. සභාවට පීඩා කළ කාලයේදී පේදුරු තුමා පේරුසලම අතහැර අන්තියෝකයට ගියේය.

එහිදී එතුමා සිරභාරයට ගන්නා ලදී. පසුව දේව ¥තයකු විසින් පුදුමාකාර අන්දමින් එතුමාව නිදහස් කර හරින ලදී. ඉන් පසු එතුමාට ජේසු තුමන් දර්ශනය වී අධිරාජයේ අගනුවර වන රෝමයට ගොස් දහම් දෙසන්නයි වදාරන ලදී.

රෝමයේ බොහෝ දෙනා කිතුනු දහම කරා ඇදී ආ අතර, මේ හේතුවෙන් නීරෝ අධිරාජ්‍ය වියරුවට පත්විය. පසුව නීරෝ රජු ඔහුගේ මාලිගයේ උiානයේදී පේදුරු තුමා කුරුසියේ ඇණ ගසා මැරීමට තීන්දු කළේය.

කුරුසියේ ඇණ ගසා පේදුරු තුමා මරණයට පත් කරන මොහොතේ එතුමා පවසා ඇත්තේ, ජේසුස් වහන්සේ තරම් තමන් උතුම් කෙනකු නොවන බවත්, උන්වහන්සේ ඇණ ගැසූ ආකාරයට නොව, තමන්ගේ හිස පහතටත්, දෙපා ඉහළටත් සිටිනසේ තමන්ව කුරුසියේ ඇණ ගසන ලෙසටය. එතුමාගේ මංගල්‍ය සමරනු ලබන්නේ ජුනි 29 දිනය. ශු. පේදුරු තුමාගේ මෘතශරීරය රෝමයේ වතිකානු බැසිලිකාවේ මහ ඇල්තාරය යට තැන්පත් කර ඇති බව විශ්වාස කරනු ලැබේ.

ලූෂන් ෂර්ලි එඞ්වඞ් පෙරේරා

ශු. පේදුරු තුමා (ක‍්‍රි. ව. 67)
advertistmentadvertistment
advertistmentadvertistment