ශූරයෝ සාන්ත ජෝසප් විදුහලෙන් ශූරියෝ ශුද්ධවූ පවුලේ කන්‍යාරායෙන් – 2022 සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලිය

234

කොළඹ සාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පිළිවෙළින්, 2022 සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ කාණ්ඩයේ වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා ශූරතාවන් හිමිකර ගැනීමට සමත් වූහ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී ඉකුත් 19 දා එම බාලක සහ බාලිකා අවසන් මහ තරග පැවැත්විණි.

අදාළ බාලක සහ බාලිකා ශූරතාවන් දිනා ගත් කණ්ඩායම් දෙකෙහිම පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ලබන්නේ රොෂාන් රන්දිම (ප්‍රධාන පුහුණුකරු) සහ ෂේන් ඩැනියෙල් (සහාය පුහුණුකරු) යන මහත්වරුන් වීම විශේෂත්වයකි.

බාලක අවසන් ප්‍රතිඵලය

කොළඹ රාජකීය විදුහල පරදවා සාන්ත ජෝසප් විදුහලට ජය

ලකුණු 68 – 52

තරගාවලියේ වටිනාතම ක්‍රීඩකයා – ෂෙහාන් ප්‍රනාන්දු (සාන්ත ජෝසප්)

තරගාවලියේ ආරක්ෂාකාරී ක්‍රීඩකයා – යුගනන් බාස්කරන් (රාජකීය)

තරගාවලියේ ආක්‍රමණශීලී ක්‍රීඩකයා – කීත් කොස්තා (සාන්ත ජෝසප්)

බාලිකා අවසන් ප්‍රතිඵලය

මහනුවර මහමායා බාලිකා විදුහල පරදවා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ජය – ලකුණු 71- 39

තරගාවලියේ වටිනාතම ක්‍රීඩිකාව – ඔනෙලා දුනුවිල (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

තරගාවලියේ ආරක්ෂාකාරී ක්‍රීඩිකාව – මිනොලී ඩිරෙක්ස් (ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය)

තරගාවලියේ ආක්‍රමණශීලී ක්‍රීඩිකාව – චිත්‍රා සමරකෝන් (මහමායා බාලිකා)

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස්
 

advertistmentadvertistment
advertistmentadvertistment