ශ‍්‍රීපාද හැටන් මාර්ගයේ ආපන ශාලාවක ගෑස් උදුනක් පිපිරීමෙන් තරුණයකුට පිළිස්සුම් තුවාල

139

ශ‍්‍රීපාද හැටන් මාර්ගයේ ඇහැළ කණුව ප‍්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක ගෑස් උදුනක් පිපිරී යෑමෙන් එම ආපන ශාලාවේ සේවය කරමින් සිටි තරුණයකු පිළිස්සුම් තුවාල ලබා මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහල වෙත ඉකුත් 23 දා ඇතුළත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

පෙරේදා දහවල් 1 ට පමණ පිළිස්සුම් තුවාල ලැබූ වෙළෙඳ සේවකයා ආහාර පිසිමින් සිටියදී එකවරම ගෑස් උදුන පිපිරී ගිනිදැල් ඉහළට දැල්වුණු බවත්, පසුව එම වෙළෙඳසැලේ සේවකයන් විසින් ගිනිදැල් නිවා දමා පිළිස්සුම් තුවාල ලැබූ තරුණයා නල්ලතන්නියේ පොලිසියේ නිලධාරින්, යුද හමුදා භට පිරිස්, ශ‍්‍රී පාද මාර්ගයේ භාරකරුවන් එක්ව තුවාලකරු ඇහැලකණුව ප‍්‍රදේශයේ සිට නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් රෝහල් ගතකර ඇත.

තුවාලකරු රත්නපුර, කුරුවිට, බටතොට ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ‍්‍රීපාද උඩමළුව පොලිස් නිලධාරීන් පැවසීය.

ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට ප‍්‍රථම ඇහැලකණුවේ පිහිටි ආපන ශාලාවට නල්ලතන්නියේ ගෑස් අලෙවි වෙළෙඳසැලක සිට ගෑස් සිලින්ඩර් කිහිපයක් රැගෙන ගොස් ගබඩා කර ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment