ශ‍්‍රීමත් බ‍්‍රාන්සන් තමාගේම යානයකින් අභ්‍යවකාශයට

168

ඇමෙරිකානු අභ්‍යවකාශ යානා සමාගමක් වන ‘වර්ජිනියා ගැලක්ටික්’ සමාගමේ හිමිකරු වන ශ‍්‍රීමත් රිචඞ් බ‍්‍රාන්සන් ඔහුගේ සමාගම විසින් තනනු ලැබූ ‘ස්පේස්ෂිප් -2 නමැති’ රොකට් ගුවන් යානයකින් ගුවන් නියමුවන් දෙදෙනකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු සමග අභ්‍යවකාශගත වීමේ ඓතිහාසික අවස්ථාව සඳහා ඊයේ (11දා) සවස වන විට සියලූ කටයුතු සූදානම් කර තිබිණි.
 
 ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 10.30 ට නිව් මෙක්සිකෝවේ පිහිටි ‘වර්ජිනියා ගැලක්ටික්’ අභ්‍යවකාශ සමාගමට අයත් ‘ස්පෙස්ස්පෝර් ඇමෙරිකා’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම පිරිස අභ්‍යවකාශගත වීමට නියමිතව තිබුණු අතර යානය පැය එකහමාරක කාලයකින් සිය ගමනාන්තය වෙත ළඟා වීමට සැළසුම් කර තිබිණි. මෙම අභ්‍යවකාශ ගමනේ සාර්ථකත්වය අනුව ලබන වසරේ සිට සිය සමාගමේ අභ්‍යවකාශ යානා හරහා මුදල් ගෙවා සාමාන්‍ය වැසියන්ටද අභ්‍යවකාශය වෙත යෑමට අවස්ථාව සලසන බව ශ‍්‍රීමත් බ‍්‍රාන්සන් පවසයි. සිය සමාගම ඉදිරි වසර 100 ක කාලය තුළ සාමාන්‍ය වැසියන් සිය දහස් ගණනකට අභ්‍යවකාශය වෙත යෑමට අවස්ථාව සැලසීමට ඉලක්ක කර ඇති බවද ඔහු පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment