ශ‍්‍රීලනිපයෙන් රට වටේම රැස්වීම්

130

ඉදිරියේදී පැමිණෙන ඕනෑම දේශපාලන අර්බුදයකට මුහුණ දීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් අද (12 දා) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එහි පළමු රැස්වීම අද කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ වේ.

පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රට පුරා මෙම දිස්ති‍්‍රක් රැස්වීම් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මෙම රැස්වීම් මාලාවට අමතරව සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරා ගන්නා ලද ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ගේ ප‍්‍රථම රැස්වීම ලබන 15 වැනිදා පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවද එම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment