ශ‍්‍රීලනිප 14 ගියාට ආණ්ඩුව පෙරළන්න බැහැ – දයාසිරි කියයි

192

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව පෙරළීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත‍්‍රීවරු දාහතර දෙනා ඉවත් වුණොත් ආණ්ඩුව පෙරළෙන බවට ඕනෑම අයකුට ප‍්‍රකාශ කිරීමට හැකි වුවත් එය එසේ සිදු නොවන බව ද මහ ලේකම්වරයා කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය පක්ෂය මෙතෙක් තීරණය කර නොමැති බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එය තීරණය කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ වැරදිවලට කතා කරන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව බව පැවැසූ මහ ලේකම්වරයා එසේ කරන විට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් හරහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ චෝදනා කරන්නේ කවුදැයි තමා දන්නා බව ද කීවේය.

එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කරන බවද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පක්ෂයක් ලෙස ඕනෑම මොහොතක පෙනී සිටින බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment