ශ‍්‍රීලනිප 70 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ ලේ දන්දීමේ කඳවුර සංවිධානය කළ සංවිධායකයෝ ඇගයෙති

96

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දිවයින පුරා ලේ දන්දීමේ කඳවුරු පැවැත් වූ අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ සාර්ථක ලෙස ලේ කඳවුරු සංවිධානය කළ ශ‍්‍රීලනි පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන් හා ශ‍්‍රීලනි පක්ෂයේ තරුණ හා කාන්තා පෙරමුණුවලට ද ස්තුති කිරීමක් හා ශ‍්‍රීලනි පක්ෂයේ අභිවෘද්ධිය සඳහා සුහද හමුවක් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් ඉකුත් 24 වැනි දින කොළඹ ශ‍්‍රීලනි පක්ෂ මූලස්ථානයේදී සංවිධානය කර තිබුණි. මෙදින පක්ෂයේ අභිවෘද්ධිය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දේශනයක් පැවත් වූ අතර හිටපු පළාත් සභා මන්ත‍්‍රීන්, දිස්ත‍්‍රික් සංවිධායකයන් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් විසින් තම අදහස් ප‍්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍ය පයිසර් මුස්තාපා, හිටපු නි.අමාත්‍ය ජීවන් කුමාරතුංග, බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ, කොළඹ නගර සභා මන්ත‍්‍රීනී දීපා එදිරිසිංහ, කඩුවෙල මහනගර සභාවේ කුමාරි පතිරගේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනී උදේශී ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment