ශ‍්‍රීලනිප 70 වැනි සංවත්සරය අද – මෛත‍්‍රීගෙන් විශේෂ ප‍්‍රකාශයක්

380

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරය අදට (02 දා) යෙදී තිබේ.

එය නිමිති කරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.

අද දින සිය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් එම ප‍්‍රකාශය කිරීමට නියමිත බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිල නිවසේ සිට සවස පහට සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්‍ෂ නියෝජිතයන් ඇමැතීමට නියමිතය.

පක්ෂ සංවත්සරය නිමිති කරගෙන ලේ පයින්ට් දස දහසක් පිරිනැමීමේ ජාතික වැඩසටහනක් ද නිදහස් පක්ෂය විසින් ඉකුත් විසිතුන්වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දී පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

අරුණ බෝගහවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment