ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ඇමරිකානු ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක්

354

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ.

එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමි වූ පළමු මාසය වීම විශේෂත්වයකි. පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ආදායම 200% කින් පමණ ඉහළ ගොස් ඇති අතර පූර්ව වසංගත මට්ටම සසඳන විට එය ආදායම 80% ඉක්මවා යාමකි. තවද, ගුවන් සමාගම 2021 දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප‍්‍රවාහන මට්ටමින් (Airline Transportation Level) ඇමරිකානු ඩොලර් මිලියන 11.43 ක ලාභයක් වාර්තා කර තිබේ. එය වසර 20කට වැඩි කාලයක් තුළ ගුවන් ප‍්‍රවාහනයෙන් වාර්තා වූ ඉහළම ලාභය වේ.
ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment