ශ‍්‍රී ලංකන් යළි පැරිස් යයි

164

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් නුවර වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ප‍්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් නොවැම්බර් මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර් බස් ් 330-300 ගුවන් යානා බලඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාද දිනකම ශ‍්‍රී ලංකන් ප‍්‍රංශය වෙත පියාසර කරනු ඇත.

මෙහෙයුම් වාර ගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූඑල් 563 දරන ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත්ව පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූඑල් 564 පැරීසියේ සිට එදිනම පැය 14:30 ට පිටත් ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ළඟාවීමට සැලසුම් කර තිබේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment