ශ‍්‍රී ලංකාවට අතපොවන්න එ.ජා. සංවිධානයට බලයක් නෑ

270

රටක අභ්‍යන්තර ගැටලූ විසඳීමට බාහිර යාන්ත‍්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබාදී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

විදේශ ලේකම්වරයා එම අදහස් පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

ශ‍්‍රී ලංකාවට අතපොවන්න එ.ජා. සංවිධානයට බලයක් නෑ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

රටේ අභ්‍යන්තර ගැටලූ විසඳීමට බාහිර යාන්ත‍්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලූ ගැටලූවලට විසඳුම් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන්වූවන්ට වන්දි ගෙවීම, එල්. ටී. ටී. ඊ. සිරකරුවන් නිදහස් කිරීම, ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ‍්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණකි.

මානව හිමිකම්වලට මුවාවී ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළාදකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පාකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ‍්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මානව හිමිකම් සුරැුකීම, සංහිඳියාව පවත්වාගෙන යෑම ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගකීම ඔවුන්ගේ විශේෂ ප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.

කලාපයේ අනෙකුත් රටවල් සමග සන්සන්දනය කිරීමේදී ශ‍්‍රී ලංකාව සාමකාමී රටක්. ත‍්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදි ත‍්‍රස්තවාදී ක‍්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ගොඩනැගීමේදී ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. පසුගිය වසර දෙක තුළ සක‍්‍රියවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතක්. එම පිළිවෙතට අනුව යමින් බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යෑම ශ‍්‍රී ලංකාවේ අරමුණයි. මෙරට භූගෝලීය පිහිටීම පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරනවා.

රජයේ ප‍්‍රත්පත්තිය ඉතා පැහැදිලිය. ඒ පිළිබඳ ලෝකයේ රටවල් පසුගිය මාස කිහිපය පුරා විවිධ වාර්තා මගින් දැනුවත් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළා. එනිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ මුහුණදීමට අපට ගැටලූවක් නැහැ යැයිද හෙතෙම පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment