ශ‍්‍රී ලංකාවට එරෙහි බොරු වාර්තා 160 ක යස්මිත් සුකාගේ කොටි රංගනය

215

ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බොරු වාර්තා 160කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකායි. ඇය රහස් පොලිසිය යුද හමුදාව, නාවික හමුදාව, ත‍්‍රස්ත මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බළකාය යන ආරක්‍ෂක ඒකක වලට එරෙහිව මෙම වාර්තා යවා තිබේ.
 
 එහෙත් මේ වාර්තාවල කරුණු සත්‍යදැයි මානව හිමිකම් කවුන්සිලය සොයන්නේ නැත. එසේම මෙරටින් යුරෝපා රටවලට පැනගිය කොටි හමුදා නායකයන් රැුසකගෙන් ඇය ශ‍්‍රී ලංකාවට එරෙහිව සාක්‍ෂි ලබාගෙන ඇත. මේ සාක්කි ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීම නිසා යුද හමුදා නිලධාරීන් 28කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.
 
 එසේ වූවත් පසුගිය යහපාලන රජය යටතේ ක‍්‍රියාත්මක වූ විදේශ කටයුතු බලධාරීන් මෙන්ම වත්මන් රජයේ විදේශ බලධාරීන්ද සුකාගේ මෙහෙයුම් ගැන සොයන්නේ නැත. ඇය ශ‍්‍රී ලංකා හමුදාව ඝාතන කළ බව කියමින් ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 40000 සිට 75000 දක්වා වැඩි කළේය. අපි මේ ගැන බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමි වරයාගෙන් විමසුවෙමු. මේ හිටපු නිලධාරිනි කොටි සිදු කළ යුද අපරාධ ගැන කිසිදු වාර්තාවක් ජිනීවා වෙත යවා නැහැ. ඇය එදා සිටම ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු වාර්තා ජිනීවා වෙත යවා තිබෙනවා යැයි නේස්බි සාමි කියා සිටියේය.
 
 නේස්බි සාමිවරයා යස්මින් සුකාගේ ක‍්‍රියාදාමයන් හෙළි කරන අවස්ථාවේ ඇයට අරමුදල් සැපයෙන්නේද කොටි ඩයස්පෝරාවෙන් බව අනාවරණය විය.
 
 යස්මින් සුකා පසුගිය වසර කීපය තුළ ජිනීවා මානව හිමිකම් සමුළුවලටද සහභාගී වූවාය. ඇගේ සමාන්තර රැුස්වීම් පවත්වනු ලැබුවේ ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය ඇතුළු යුද අපරාධ සිදු කළ රටවලට එරෙහිව නොවේ. එම සමාන්තර රැුස්වීම්වලට පැමිණ සිටියේ කොටි හිතවාදීන්ය. ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයට බොරු වාර්තා ලබාදීම සඳහා ස්විට්සර්ලන්තයේ සිටින දේශපාලන රැුකවරණ ලබා සුපිරි දිවියක් ගෙවන හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප‍්‍රිය හෙවත් රංජි මල්ලි සහ ජර්මනියේ සිටින රෝහිත භාෂණ අබේවර්ධන නැමැති දෙදෙනා ඇගේ සහකරුවන්ය.
 
 කොටි ත‍්‍රස්තයන් වෙනුවෙන් දේදුන්න පුවත්පත සංස්කරණය කළේ අබේවර්ධන නැමැත්තායි. මෑතකදී ඇය හමුදා නිලධාරියකුගේ ඡුායාරූපයක් වැරදි ලෙස පළ කර ඒ ගැන සමාව අයදිනු ලැබීය. දකුණු අප‍්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට සත්‍යය සහ යුක්තිය නමින් තක්කඩි සංවිධානයක් මෙහෙය වන යස්මින් සුකා වැඩිවශයෙන් ගත කරන්නේ ජිනීවා නුවර සහ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරයි.
 
 එහෙත් ඇයට මේ සඳහා අරමුදල් ලැබෙන්නේ කුමන ලෙසකින්දැයි හෙළි වී නැත. එහෙත් ඇයට අරමුදල් ලැබෙන මාර්ග 2 ක් ඇත. ඒ යුරෝපා
 
 සංගමය සහ කොටි ඩයස්පෝරාවෙනි. මෙයට කලකට පෙර ජිනීවාහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර යස්මින් සුකා මෙහෙය වූ සමාන්තර රැුස්වීමකදී ඇය හෙළි කරන දේ ඔප්පු කරන ලෙස අභියෝග කළත් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත.
 
 ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් 75000 ක් ඝාතනය කළේ නම් ඔවුන් කවුද? මළ සිරුරු වළ දැමුවේ කොතැනද? මරා දැමූවන් පදිංචිව සිටියේ කුමන ගමේද යන කරුණු ගැන යස්මින් සුකාට තොරතුරු හෙළි දරව් කිරීමට නොහැකිවිය. එසේ නම් මේ බොරු තොරතුරු ඇයට ලබා දී ඇත්තේ කොටි ඩයස්පෝරාව, ද්‍රවිඩ සන්ධාන සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන බව සනාථ විය.
 
 මෙලෙස සුකාගේ වාර්තාවලට ජිනීවා නුවරදී අභියෝග කෙරුණ අතර පසුගිය යහපාලන රජය ඇයට එරෙහිව කට ඇරියේ නැත. ඒ වෙනුවට සුකාට මෙරටට එන ලෙස ඇරයුම් කළත් ඇය එම ඇරයුම ප‍්‍රතික්‍ෂේප කළාය. සුකා ජිනීවාහිදී එල්ල කළ සාවi ප‍්‍රකාශයට යහපාලන රජය යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටි සන්නිවේදන අධ්‍යක්‍ෂකවරයාද ප‍්‍රතිචාර දැක්වුයේ නැත. ඔහු අපට මාධ්‍ය කලාව ඉගැන්වීමට සූදානම් විය. මෙම පසුබිම මැද ශ‍්‍රී ලංකාවට එරෙහි කොටි කොන්ත‍්‍රාත්තුව ලබාගත් යස්මින් සුකාගේ වාර්තා බොරු බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැුස්වීම්වලදී සනාථ කිරීමටබි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් ක‍්‍රියා කරනු ලැබීය. ඒ බව හෙළිකළේ ලන්ඩන් නුවර ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානය මෙහෙය වන බි‍්‍රතාන්‍යය නීතිවේදී ජෙයරාජ් පලිහවඩනයි.
 
 පසුගිය දිනෙක සුකා ලන්ඩන් මහාධිකරණය හමුවේ ජෙයරාජ් පලිහවඩනට එරෙහිව නඩුවක්  ගොනු කළාය. තමාව කොටි කොන්ත‍්‍රාත්කාරිය ලෙස පලිහවඩන විසින් හඳුන්වා ඇතැයි ඇය එම නඩුවෙන් චෝදනා කළාය.
 
 මෙහිදී ශ‍්‍රී ලංකා විදේශ කටයුතු බලධාරීන් සුකාගේ නඩුවට මැදිහත්විය යුතුව තිබුණත් එසේ කළේ නැත.
 
 ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරින් වෙනුවෙන් කැප වූ ජෙයරාජ්ට එරෙහි කොටි කොන්ත‍්‍රාත්කාරිය ගොනු කළ නඩුව සඳහා අනිවාර්යයෙන්ම විදේශ කටයුතු බලධාරීන් ජෙයරාජ්ට සහය දැක්විය යුතුව තිබුණි.
 
 මෙහිදී විදේශ කටයුතු බලධාරීන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද? යස්මින් සුකාගේ බොරු සාක්ෂි සහ බොරු වාර්තා නිසා අපේ හමුදා නිලධාරීන් 28කට යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. ඊට මුල් වුයේ සුකායි. සුකාගේ මේ බොරු මෙහෙයුම් දිගටම ක‍්‍රියාත්මක වන අතර එය නතර වන්නේ නැත.
 
 ඉන්දීය හමුදා නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ වාර්තා ඉදිරිපත් වෙද්දී ඉන්දීය රජය එය ප‍්‍රතික්‍ෂේප කරමින් මානව හිමිකම් නියෝජිතයකුට කාශ්මීරයට ඒම තහනම් කළේය. එහෙත් මෙරට ආණ්ඩුවත් හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේයිට මෙරට දොර විවෘත කළේය. ඇය මෙරටට පැමිණි නිදහස් චතුරාශ‍්‍රයේ පිහිටි ජාතික කොඩිය ඉවත් කළ යුතු බව කීවාය. දැන් මෙම ආණ්ඩුව ද ශ‍්‍රී ලංකා විරෝධී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට සූදානම් වන බව වාර්තා වී ඇත.
 
 මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ සුකාට උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ද බොරු වාර්තා යවා ඇතැයි හෙළි විය. යාපනයේ අඩයාලම් සංවිධානය සමාගම් රෙජිස්ට‍්‍රාර් යටතේ ලියාපදිංචි වී තිබේ. එහෙත් එය රජයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය යටතේ ලියාපදිංචි වී නැත.
 
 මේ අතර යස්මින් සුකා කොටි සංවිධානයේ යුද අපරාධ ක‍්‍රියා ගැන එකම වාර්තාවක්වත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නොයැවීමෙන් අපේ කොටි හිතවාදී ආකල්පය තහවුරු වේ. ඇය මෙරට ජාතික ආරක්‍ෂාවට පමණක් නොව මෙරට දේශපාලන කටයුතුවලටද මැදිහත් වී ඇත. මෙම පසුබිම මැද ආණ්ඩුව යස්මින් සුකාගේ බොරු වාර්තාවලට අභියෝග නොකරන්නේ මන්ද? ඇය පිහිටුවා ගෙන ඇති ජොහැන්ස්බර්ග් සංවිධානය සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවලින් වාර්තා ප‍්‍රකාශයට පත්කර තිබේ. ඉන් සිංහල භාෂාවෙන් ප‍්‍රකාශයට පත් කෙරෙන වාර්තා කෙටුම්පත් කරන ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනා මේ වනවිට හෙළි වී ඇත.
 
 මේ අතර යස්මින් සුකා අදවනතුරු අප‍්‍රිකානු කොංග‍්‍රසය ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය හමුදා සිදුකළ යුද අපරාධ ක‍්‍රියා ගැන කිසිදු වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර නොමැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන්ද සුකා අනුගමනය කරන ඒකපාක්‍ෂික රංගනය ගැන නිහඬව සිටී.එවන් තත්ත්වයක් මැද වත්මන් ශ‍්‍රී ලංකා රජයේ විදේශ කටයුතු බලධාරීන් තවමත් අනුගමනය කරන්නේ යහපාලන පිළිවෙතද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment