ශ‍්‍රී ලංකාවට විරුද්ධ 46/1 යෝජනාව ප‍්‍රතික්ෂේප කරනවා… ත‍්‍රස්තවාදයට එරෙහි දේශීය සටන කි‍්‍රයාත්මකයි

159

පාස්කු ප‍්‍රහාරයේ අපරාධකරුවන්ට නිසා පියවර ගන්නවා විදේශ ඇමැති 48 වැනි ජිනීවා සමුළුවට දන්වයි

ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධව කටයුතු කිරීමේ දේශීය ක‍්‍රියාවලීන් මඟින් ඒ පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක‍්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 48 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ඊයේ (14දා* පැවසීය.

සූම් තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘30/1 යෝජනාව සමඟ අප විසින් අත්විඳ ඇති පරිදි, මෙය මඟින් අපගේ සමාජය ධ‍්‍රැවීකරණය වනු ඇත. මෙම සභාව විසින් එහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුය. ශ‍්‍රී ලංකාවේ සහයෝගය නොමැතිව ආරම්භ කරන ලද බාහිර මුලපිරීම්වලට ඒවායෙහි ප‍්‍රකාශිත ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර, ඒවා දේශපාලනීකරණයට යටත් වනු ඇත. විශේෂයෙන් ඒවා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල මානුෂීය හා වෙනත් සාධනීය අරමුණු සඳහා හදිසි අවශ්‍යතාවන්ව පැවතියදී, මෙම මුලපිරීම සඳහා සම්පත් වැය කිරීම අනවශ්‍ය කටයුත්තකි.

සෑම අතින්ම නිසි නීති ක‍්‍රියාවලියට අනුකූල වෙමින්, ශ‍්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටී. සැම විටම සිදු කරන පරිදි, ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ‍්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේදී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment