ශ‍්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දීය විදේශ ඇමැති සහතික වෙයි

145

ඉන්දියාව සැම විට ශ‍්‍රී ලංකාව සමඟ සිට ඇති බවත් කොවිඞ් – 19 වසංගතයෙන් එල්ල වන ආර්ථික හා අකෙකුත් අභියෝග ජයගැනීම ස`දහා හැකි සෑම අයුරින්ම ශ‍්‍රී ලංකාවට සහාය ලබාදෙන බවත් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට සහතික වී තිබේ.

ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා අතර පෙරේදා (15දා) පැවැති මාර්ගගත සාකච්ඡුාවකදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මේ බව පවසා ඇත.

ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය ස`දහා ඉන්දියාවෙන් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම සහ ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීම ස`දහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය පහසුකම දීර්ඝ කිරීමේ ප‍්‍රගතියද අමාත්‍යවරු දෙපළ මේ සාකච්ඡුාවේදී සමාලෝචනයට ලක් කළහ.

ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගය අගය කළ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඉන්දීය ආයෝජන ස`දහා සුදුසු පරිසරයක් ලබාදෙන බවද ස`දහන් කර ඇත.

මේ ඔන්ලයින් සාකච්ඡුාව සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ස්ථිර සහ විශ්වාසදායක සහකරුවකුවනු ඇති බව ඉන්දීය විදේශ ඇමැතිවරයා යළිත් තහවුරු කළ බවයි.

මෙහිදී දෙරටේ ප‍්‍රගතිය සහ සෞභාග්‍ය ස`දහා දිගුකාලීන ආර්ථික හවුල්කාරීත්වයන් ස`දහා සමීප සම්බන්ධතාවයකින් සිටීමට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment