ශ‍්‍රී ලංකාවට 2 – 0 ක තරගාවලි පරාජයක්

180

 තරග තුනකින් සමන්විත ශී‍්‍ර ලංකා – එංගලන්ත පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද කඩුලූ 5 ක ජයග‍්‍රහණයක් ලබා ගත් සත්කාරක එංගලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට  2-0 ක තරගාවලි පරාජයක් උරුමකර දුන්නේය.
 
 දෙරට අතර පළමු පන්දුවාර 20-20 තරගය පැවැති කාඩිෆ් කී‍්‍රඩාංගණයේදීම පැවැති මේ තරගයේදීද කසියේ වාසිය ජයග‍්‍රහණයකර පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශී‍්‍ර ලංකා ඉනිම පන්දුවාර 20 තුළදී ලකුණ 111කට සීමා විය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට ද රිසි සේ ලකුණු අතරට ඒමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ඉඩ නොදුන්නත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩනැඟූ ලියාම්  ලිවින්ග්ස්ටන් සහ සෑම් කරන්ගේ පිතිහරඹය හේතුවෙන් එංගලන්තයට ජයග‍්‍රහණය අත් විය.
 
 එංගලන්ත කණ්ඩායමේ 12 වැනි පන්දුවාරය අවසන් වනවිට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පැය භාගයකට ආසන්න කාලයක් තරගය නොපැවැත්වීමට සිදු වූ අතර ඉන්පසුව එංගලන්තයට හිමි වූ ඉලක්කය වූයේ පන්දුවාර 18 තුළ ලකුණු 108 ක් ලබා ගැනීමයි. ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත පදනම්ව හිමි වූ එම ඉලක්කය තරගයේ 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් සම්පූර්ණ කිරීමට එංගලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
 වර්ෂාවෙන් පසුව එංගලන්ත කී‍්‍රඩකයින් තරමක් වේගයෙන් පන්දුවට පහරදීමේ ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහිදී පන්දුවාර 6 ක් තුළ රැුස් කිරීමට නියමිත වූ ලකුණු 34ක ඉලක්කය පන්දුවාර 4.1ක පන්දුවක් තුළ ඉක්මවා යෑමට ඔවුහු සමත් වූහ.
 
 ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය පුරාවට දුර්වල පිතිහරඹයක් පෙන්නුම් කළ අතර පන්දුවාර 20 පුරාවට ම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතරින් හතරේ හෝ හයේ පහරවල් එල්ලකර තිබුණේ පිතිකරුවන් දෙදෙනකු පමණි. කුසල් මෙන්ඩිස් පන්දු 39 ක් තුළ ලකුණු 39 ක්
 
 රැුස් කළ අතර ඊට 4 පහර 3 ක් සහ 6 පහර 1 ක් අන්තර්ගත විණි. ඉසුරු උදාන අවසාන පන්දුවාරයේදී එල්ල කළ හතරේ සහ හයේ පහර සමගින් පන්දු 14 ක් තුළ නොදැවී ලකුණු 19 ක් රැුස් කළේය.
 
 ඔවුන් දෙදෙනාට අමතව මේ තරගයේදී ශී‍්‍ර ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා ගිය අනෙක් පිතිකරුවා වූයේ නායක කුසල් පෙරේරා පමණක් වූ අතර ඔහු පන්දු 25කදී ලකුණු 21 ක් ලබා ගත්තේය. සෑම් කරන්ගේ දක්ෂ පන්දු රැුකීම හේතුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 03කට දුවද්දී දැවී ගිය අතර නැවතත් කි‍්‍රයාත්මක වූ සෑම් කරන් ධනුෂ්කගේ සහායකයා වූ අවිශ්ක ප‍්‍රනාන්දුවද ලකුණු 06කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වූවේය. ධනංජය ද සිල්වා වෙනුවෙන් මේ තරගය සඳහා කැඳවා තිබූ නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 03කට මැක් වුඞ්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර පසුගිය තරගයේදී අර්ධ ශතකයක් ලැබූ දසුන් ශානක ලකුණු 08කට දැවී ගියේය.
 
 ශී‍්‍ර ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා මන්දගාමී ස්වරූපයක් ගත් අතර පළමු පන්දුවාර 8 තුළදී ඔවුන් රැුස් කර තිබුණේ ලකුණු 37 ක් පමණක් වූ අතර මේ තරගයේ දෙපිලේම ලකුණු ලබා ගැනීමේ වේගයේ එකතුව පන්දුවාරයකට 6.05කට වඩා අඩු වූ අතර එංගලන්තය සත්කාරත්වය දක්වන ලද පන්දුවාර 20-20 තරගය ලකුණු ලබා ගැනීමේ වේගය අඩුම 4 වැනි තරගය එය බවට පත් විය.
 
 එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් ද සමත් වූ අතර පළමු පන්දුවාර 7 තුළ ඔවුන්ගේ ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 36කට කඩුලූ 4 ක් ලෙසිනි. ඒ වනවිටත් ජේසන් රෝයි, ජොනි බෙයාර්ස්ටෝ, ඬේවිඞ් මාලන් සහ නායක ඔයින් මෝගන් යන ප‍්‍රබල පිතිකරුවන් 4 දෙනා කී‍්‍රඩා පිටියෙන් ඉවත් කිරීමට බිනුර ප‍්‍රනාන්දු, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග සමත්ව සිටියේය. කෙසේ වෙතත් පිතිකරුවන් ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැුස් කර නොතිබූ හෙයින් තරගයට වර්ෂාව පතිත වන අවස්ථාවේදී ද එංගලන්තය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව රැස් කර
 
 ගැනීමට නියමිත වූ ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබිණි. තරගයේ වීරයා සම්මානය ලියාම් ලිවින්ග්ස්ටන්ට හිමි විය. තෙවැනි හා අවසන් පන්දුවාර 20-20 තරගය අද සදම්ප්ටන්හිදි පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment