ශ‍්‍රී ලංකාවේ කන්දක් වෙනස්වේ

1136


ශ‍්‍රී ලංකාවේ තුන්වැනි උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නොව, පිදුරුතලාගල රක්ෂිතයේම පිහිටි ටොප් පාස් කන්ද බව ප‍්‍රකට කඳු නගින්නෙක් හා ක‍්‍රියාදාම චාරිකා පිළිබඳ ප‍්‍රවීණයෙකු වන ශමින්ද රන්ශාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ මහතා විසින් මේ බව තහවුරු කරනු ලබන්නේ ඉකුත්දා ටොප් පාස් හිල් කන්ද තරණය කිරීමෙන් අනතුරුව කඳු මුදුනේදී ලබාගත් උස පිළිබඳ ඛණ්ඩාංක දත්ත විශ්ලේෂණය කරමිනි.

ඒ අනුව ටොප් පාස් හිල් කන්ද තොටුපොළ කන්දට වඩා මීටර් 20 ක් උසින් වැඩි බව තහවුරු කරනු ලැබ ඇත.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පිදුරුතලාගල කඳු ශේණියේම පිහිටි තොටුපොළ කන්ද මීටර් 2,357 ක් උසින් යුක්ත බවට රජයේ මිනින්දෝරු සිතියම්වල දක්වා ඇති නමුත්, ටොප් පාස් හිල් කන්දේ උස මීටර් 2,378 ක් (අඩි 7,801.83) බව ශමින්ද රන්ෂාන් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment