ශ‍්‍රී ලංකාවේ කටයුතු හමුදාකරණය වීම ගැන බැචලේ දුක්වෙයි

205

ශ‍්‍රී ලංකාවේ සියලූ කටයුතු හමුදාකරණය වීම ගැන තමා කනගාටුවට පත්වන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ මහත්මිය ඊයේ (13දා) සවස ආරම්භ වූ 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප‍්‍රකාශ කළාය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමද ඇයගේ දෝෂාරෝපණයට ලක්විය.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවීම් බරපතළ තත්ත්වයකට පත්ව ඇතැයි පැවසූ මානව හිමිකම් කොමසාරිස්වරිය අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සම්බන්ධව රජය පියවර ගෙන නැතැයි ද කීවාය.

මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදී පනතද දැඩි විවේචනයට ලක්කළ අතර මෙම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවද කීවාය.

එසේම පොලිස් අත්අඩංගුවේදී මිනිසුන් මියයෑම ගැනද කරුණු දැක්වූ ඇය ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන දැඩි නිරීක්‍ෂණයක් කරන බවද පැවැසුවාය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment