ශ‍්‍රී ලංකාවේ ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට ෆිච් රේටින්ස් අසමත් වෙලා – මහ බැංකුව කියයි

182

ෆිච් ණය ශ්‍රේණිගත ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට තරයේ විරෝධය පළ කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි’

එම ආයතනය ශ‍්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව ද මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කරුණු පැහැදිළි කිරීමේ සඳහන් වේ’

එහි මෙසේද සඳහන් වේ’

සමස්ත ලෝකයම කොවිඞ් 19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්* ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළුවේය’ මෙම ක‍්‍රියාව මෑතකදී එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර” මූඞීස් ආයෝජන සේවාව විසින් සිදුකරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ’ විශේෂයෙන්ම ආර්ථිකයේ සියලූ අංශවල නව ප‍්‍රවණතා සහ නුදුරේදී ලැබීමට නියමිත විදේශ විනිමය ප‍්‍රවාහ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැළකිල්ලට ගත් කල” ශ‍්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයකට මතුවූ හදිසි අවශ්‍යතාවය තේරුම් ගත නොහැකිය’

විශේෂයෙන්ම 2021 වසරේ තුන්වන කාර්තුවේදී පැනවීමට සිදුවූ ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග මධ්‍යයේ වුවද මෙම කාර්තුව තුළ රටේ මූර්ත ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇතිවීම වළක්වා ගැනීමට හැකිවූ අතර” නව සාමාන්‍ය තත්ත්වයට අනුවර්තනය වීමට ශ‍්‍රී ලංකාව සතු හැකියාව එමගින් පෙන්නුම් කෙරේ’ 2021 වසරේදී සියයට 4 කට වැඩි වර්ධනයක් ඇතිවීමට ඇති ප‍්‍රබල හැකියාව යළි තහවුරු කරමින්” මූර්ත දළ දේශීය නිෂ්පාදිතය” 2021 වසරේ ජනවාරි – සැප්තැම්බර් කාලය තුළදී සියයට 4’4 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත* වර්ධනය විය’ ආර්ථික ක‍්‍රියාකාරකම් පිළිබඳ නිතර නිකුත් කෙරෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයට පෙර පැවැති මට්ටම අභිබවා යමින් ආර්ථික ක‍්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවයකි’

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මගින් හඳුන්වා දුන් මූල්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත්වී ඇත’ නව බදු ක‍්‍රියාමාර්ග හඳුන්වාදීමත් බදු පරිපාලනය පද්ධතියේ වැඩිදියුණු කිරීමත් සමඟ ආර්ථික පුනර්ජීවනය ද තුළින් 2022 වසරේදී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරේ’ රාජ්‍ය අංශයේ නියුතු සේවකයින්ගේ විශ‍්‍රාම යන වයස් සීමාව වැඩිකිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සක්‍යතාව ඉහළ නැංවීමට පියවර ගැනීම සැළකිය යුතු රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ වන අතර” රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලබන විවෘත බලය :්බබමක අ්රර්බඑ* කාර්තුවෙන් කාර්තුවට :ුම්රඑැරකහ අ්රර්බඑ* නිකුත් කිරීම තුළින් මූල්‍ය ප‍්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳ රාජ්‍ය ආයතන තුළ මූල්‍ය විනය ඇති කිරීමද ඒ හරහා රාජ්‍ය වියදම් පාලනය කිරීමද සිදුවේ’ එවැනි ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ග හරහා” රාජ්‍ය ණය තිරසාර මට්ටමක් පවත්වා ගැනීමට දායක වන අන්දමින්” රාජ්‍ය මූල්‍ය හිඟය සහ රජයේ මූල්‍ය අවශ්‍යතා අඩු කිරීමට මඟ පෑදෙනු ඇත’

ඉදිරි මාසවලදී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද පදනම් විරහිත ප‍්‍රකාශවලට පටහැනිව” රජය සහ මහ බැංකුව විසින් මිත‍්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර” එමගින් ඉදිරි කාලය තුළදී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකිවේ’ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්ම මගින් 2021 වසරේ දෙසැම්බර් වනවිට සහ 2022 වසරේ මාර්තු මස වන විට අපේක්ෂිත මුදල් ප‍්‍රවාහ ගලා ඒම පිළිබඳව පැහැදිළිව ප‍්‍රකාශයට පත් කර ඇති අතර” මෙම ගලාඒම් නියත වශයෙන් ලැබෙනු ඇති බවටත් 2021 වසර අවසානය වනවිට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3 කට වඩා ඉහළින් පවතිනු ඇති බවටත් රජය සහ මහ බැංකුව නිසැකවම විශ්වාස කරයි’ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් චීන මහජන බැංකුව සමඟ ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1’5 ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනෙන අතර” එම පහසුකම් ප‍්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතී’ මෙම තීරණයට එළඹීමේදී ඉන්දියාව සහ මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමඟ පැවැති ඉහළ තලයේ රැුස්වීම්වලින් පසුව බලාපොරොත්තුවන ණය පහසුකම් සහ අනෙකුත් මුදල් ප‍්‍රවාහ ගලා ඒම් පිළිබඳව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිසි අවධානය යොමු කර නොමැත’

ශ්‍රේණිගත කිරීමේ නිරවi බව පරීක්‍ෂා කළ හැකි ප‍්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට ශ‍්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීම මගින් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන අතර” මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජකයින්ට සිදුවිය හැක්කේ හානියක් පමණකි’ ඉදිරි කාල පරිච්ෙඡ්දය තුළ දී ශ‍්‍රී ලංකාව සියලූ ණය සේවාකරණ ගෙවීම් සිදු කරන බවට රජය පැහැදිළි සහතිකයක් ලබා දී ඇති අතර” පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් ඇතිවූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ‍්‍රී ලංකාව එකදු ගෙවීමක්වත් ප‍්‍රමාද කර නොමැති බව ද සඳහන් කළ යුතුය’

එබැවින්” මෙම සාධාරණ නොවූ ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රියාවෙන් අධෛර්යයට පත් නොවන ලෙසත් ඒ වෙනුවට ඉදිරි දින කීපය තුළ පහව යෑමට අපේක්ෂිත කැළඹිලි සහිත ස්වභාවය සමනය කිරීමට ශ‍්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර ආයෝජන හවුල්කරුවන් ඇතුළු ආර්ථිකයේ සියලූ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිමු’ සිය මාසික පෙර දැක්මේ බලාපොරොත්තුවූ පරිදි අපේක්ෂිත විදේශ විනිමය ලැබීම්වල ප‍්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් මෙම සතියේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත’

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment