ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනයට බැචලේ ඉල්ලූ මුදල කප්පාදු කරලා

173

ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ ඉල්ලා තිබූ ඩොලර් ලක්‍ෂ 28 ක මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් ලක්‍ෂ 14 ක් දක්වා අඩුකර ඇත.

මේ නිසා මානව හිමිකම් කොමසාරිස් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. ඇය මේ මුදලින් යුද අපරාධ විමර්ශන කාර්යාලයක් සහ විමර්ශන පැවැත්වීමට 13 කගෙන් යුත් නීතිවේදීන් පිරිසක් පත්කිරීමට තීරණය කර තිබුණි. මෙලෙස ඩොලර් ලක්‍ෂ 28 ක මුදල ලක්‍ෂ 14 ක් දක්වා අඩුකිරීම මානව හිමිකම් කොමසාරිස්වරියට එල්ල වූ අතුල් පහරක් ලෙස සැළකේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment