ශ‍්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට -සෞඛ්‍ය ඇමති

166

ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ‍්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රටෙහි සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග‍්‍රහණයක් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.

හොරණ, මිල්ලෑව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්තශාලා තුනක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඊයේ (12දා* පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment