ශ‍්‍රී ලංකාව කොරෝනා සිව්වැනි රැල්ල ආසන්නයේ ඩෙල්ටා පැතිරීමත් වේගවත් වෙයි විශේෂඥ වෛද්‍ය – පද්මා ගුණරත්න

225

කොරෝනා සිව්වන රැල්ලේ ආරම්භයට රටක් වශයෙන් අප දැන් ළඟා වී ඇතැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඊයේ (20 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

පසුගිය කාලයේ සංචරණ සීමා පනවා තිබුණද සැලකිය යුතු ආකාරයෙන් ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට නොලැබුණු බවද ඇය පෙන්වා දුන්නාය.

ශ‍්‍රී ලංකාව කොරෝනා සිව්වැනි රැල්ල ආසන්නයේ ඩෙල්ටා පැතිරීමත්  වේගවත් වෙයි විශේෂඥ වෛද්‍ය - පද්මා ගුණරත්න

සංචරණ සීමා පැනවීමේදී පැවති යම් යම් අඩු ලූහුඬුකම් මේ තත්ත්වයට හේතු වූ බවද සඳහන් කළ ඇය මේ මොහොත වන විට ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීමක් දක්නට ඇති බැවින් ජනතාව නොසැලකිලිමත් වුවහොත් එයට ගොදුරු වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද කියා සිටියාය.

පවතින වසංගත තත්ත්වය මෙන්ම රටේ ජනතාවගේ ජීවනෝපාය කියන එකත් ඉතා වැදගත් වන බවද කී ඇය කෙසේ වෙතත් මේ දෙක තුලනය කිරීමට යෑමේදී ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වන බව සෞඛ්‍ය අංශ ලෙස පෙන්වා දියයුතුව තිබෙන බවද සඳහන් කළාය.

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා එන්නත්කරණ කටයුතු සිදු කෙරෙමින් තිබුණද මේ වන විට එන්නත ලබාදීමට හැකිවී තිබෙන්නේ රටේ ජනතාවගෙන් සියයට අටක පමණ පිරිසකට බවද විශේෂඥ වෛද්‍ය
 පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

ඒ අනුව ඩෙල්ටා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීම සමග වැඩි පිරිසකට එන්නත ලබාදීමට තවමත් නොහැකි වී ඇතැයි යන්න අප අමතක නොකළ යුතු බවද සඳහන් කළාය.

මේ අතර රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව මේ වන විට මෙරටට ලැබී තිබෙන එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය කෝටියකට අධික බව ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එසේ ලැබී ඇති එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය එක්කෝටි එක්ලක්‍ෂ හැත්තෑදෙදහස් අටසීය (10172800* කි. ඒ අතරින් වැඩිම ප‍්‍රමාණය ලෙස සයිනොෆාම් එන්නත් මාත‍්‍රා 7,100,000 ක් ලැබී ඇත.

ඊට අමරතව කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා 1,264,000 ක්, ස්පුට්නික් මාත‍්‍රා 180,000 ක්, මොඩර්නා එන්නත් මාත‍්‍රා 1,500,000 ක් සහ ෆයිසර් එන්නත් මාත‍්‍රා 128,700 මේ වන විට මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොග අතරින් මාත‍්‍රා 6808700 ක් රජය විසින් මිලදී ගෙන ජනතාවට ලබාදී ඇති අතර ප‍්‍රදානයන් ලෙස ලැබී ඇති එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය 3364100 කි.

ඉදිරි සතිවලදී තවත් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 70 ක් මෙරටට ලැබීමට නියමිත බවද චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව මෙම කොරෝනා එන්නත් මාත‍්‍රා අතරින් මේ වන විට මාත‍්‍රා 7573967 ක් රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මෙරට ජනතාවට ලබාදී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 980 දෙනකු පූර්ණ සුවය ලබා රෝ්හල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍ය
ා ඒකකය ඊයේ දහවල් සඳහන් කළේය.

එම පිරිසත් සමග මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලද සමස්ත සංඛ්‍යාවද 262828 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ කොරෝනා මරණ 43 ක්

මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාවට ඊයේ අලූතින් තවත් මරණ 43 ක් එක්විය. එම මරණ ඉකුත් 19 වැනිදා වාර්තාවූ ඒවා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 3870 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ඊයේ අලූතින් ආසාදිතයන් 1062 ක් හඳුනාගෙන ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment