ශ‍්‍රී ලංකාව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප‍්‍රධාන අරමුණයි.. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන

122

ශ‍්‍රී ලංකාව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප‍්‍රධාන ජාතික ප‍්‍රතිපත්තිමය අරමුණක් බව චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප‍්‍රදර්ශනයේ දී චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.

 මෙම ප‍්‍රදර්ශනය ඉකුත් 23 සහ 25 දිනවල චොංකිං හිදී පැවත්විණි.

 තානාපති ආචාර්ය කොහොන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ කලාපය ඩිජිටල් ක‍්‍රමයට සම්බන්ධ කිරීම සහ ඩිජිටල්කරණයේ ප‍්‍රතිලාභ බෙදා හැරීම සඳහා හොඳින් ස්ථානගත වී ඇති ශ‍්‍රී ලංකාව, සිය රට සමුද්‍රීය සේද මාවතේ සහ තීරය හා මාර්ගය මූලාරම්භයේ දක්ෂිණ කේන්ද්‍රස්ථානය ලෙස සලකන බවය.

 වසංගතය හේතුවෙන් බොහෝ ශ‍්‍රී ලාංකික

 සමාගම්වලට ප‍්‍රදර්ශනය සඳහා භෞතිකව සහභාගී වීමට නොහැකි විය. කෙසේ වෙතත්, සමහර ශ‍්‍රී ලාංකික නිෂ්පාදන ශ‍්‍රී ලංකා මණ්ඩපයේ දී ප‍්‍රදර්ශනය කොට තිබූ අතර, ඒ කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු විය.

 ආචාර්ය කොහොන මහතා ශ‍්‍රී ලංකාවේ පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා සහ අතිවිශාල සංචාරක හැකියාවන් පිළිබඳව චොංකිං රූපවාහිනිය සහ චොංකිං ජාත්‍යන්තර මාධ්‍ය විසින් කරන ලද සම්මුඛ සාකච්ඡුාවක දී අවධාරණය කළේය.

 තානාපති කොහොන මහතා හමු වූ චොංකිං ක‍්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, එහි ක‍්‍රිකට් ක‍්‍රීඩාව නංවාලීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහාය ඉල්ලා සිටියහ. මීළඟ ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රිකට් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට චීනය සැලසුම් කරයි. චොංකිං හි ක‍්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා හැකි සෑම ආකාරයකින්ම සහාය වීමට ශ‍්‍රී ලංකාව සූදානම් බව ආචාර්ය පාලිත කොහොන මහතා චොංකිං ක‍්‍රිකට් සංගමයට සහතික විය.

advertistmentadvertistment
advertistmentadvertistment