ශ‍්‍රී ලංකාව පාපන්දුවෙන් තවත් පියවර 4 ක් පල්ලමට

125

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක එක ස්ථානය ආරක්ෂා කර ගැනීමට බෙල්ජියම සමත් වන අතරවාරයේ ශ‍්‍රී ලංකාව පියවර 04 ක් පල්ලම් බැස 205 වැනි ස්ථානයට පත්ව ඇත

පාපන්දු ක‍්‍රීඩාවේ නිරත වන ලොව රටවල් 211 ක් ආශ‍්‍රිතව සිදු කර ඇති මෙවර ශ්‍රේණි ගත කිරීම අනුව ශ‍්‍රී ලංකාවට වඩා පහළින් ඇති රටවල් සංඛ්‍යාව 06 ක් පමණි.

පසුගිය අගෝස්තු මස මැද භාගයේ දී සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව අංක 01 ස්ථානය බෙල්ජියම විසින් ආරක්ෂා කර ගන්නා අතර වාරයේ බ‍්‍රසීලය ට හිමි වී ඇත්තේ දෙවන ස්ථානයයි. තෙවන ස්ථානය ප‍්‍රංශය ද සිව්වන ස්ථානය එංගලන්තය ද 05 ස්ථානය ඉතාලිය ද තහවුරු කරගෙන සිටී.

ආසියාතික රටවල් අතර ප‍්‍රථම ස්ථානය ජපානය ද දෙවන ස්ථානය ඉරානය ද තහවුරු කරගෙන ඇති අතර වාරයේ ඔස්ටේ‍්‍රලියාවට තෙවැනි ස්ථානය හිමි වී තිබේ. දකුණු ආසියාතික රටවල් අතරින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව සිටී. එකී දෙවැනි ස්ථානයට ඇෆ්ගනිස්ථානය ද තෙවන ස්ථානයට මාලදිවයින ද ශ්‍රේණි ගත කර ඇති අතර ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 08 වෙනි ස්ථානයයි.

ලොව ශ්‍රේණි ගත කිරීම අනුව පළමු රටවල් 20 පිළිවෙළින් පහත දැක්වේ.

  1. බෙල්ජියම 02. බ‍්‍රසීලය 03. ප‍්‍රංශය 04. එංගලන්තය 05. ඉතාලිය 06. ආර්ජන්ටිනාව 07. ස්පාඤ්ඤය 08. පෘතුගාලය 09. මෙක්සිකෝව 10. ඇමරිකා එක්සත් ජනපදය 11. ඩෙන්මාර්කය 12. නෙදර්ලන්තය 13. උරුගුවේ 14. ස්විස්ටර්ලන්තය 15. කොලොම්බියාව 16. ජර්මනිය 17. ස්වීඩනය 18. ක්‍රොඒෂියාව 19. වේල්සය 20. චිලී.

ආසියාතික රටවල් අතරේ ශ්‍රේණිගතව සිටින පළමු රටවල් 10 පහතින් දැක්වේ.

  1. ජපානය 02. ඉරානය 03. ඔස්ටේ‍්‍රලියාව 04. කොරියාව 05. කටාර් 06. සෞදි අරාබිය 07. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 08. ඉරාකය 09. චීනය 10. ඕමානය.

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියාතික රටවලට හිමිවී ඇති ස්ථාන පහත දැක්වේ.

  1. ඉන්දියාව 02. ඇෆ්ගනිස්තානය 03. මාලදිවයින 04. නේපාලය 05. භූතානය 06. බංග්ලාදේශය 07. පාකිස්ථානය 08. ශ‍්‍රී ලංකාව.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment