ශ‍්‍රී ලංකාව බටහිර ණය උගුලෙන් බේරාගත් හැටි චීනය පවසයි

391


ශ‍්‍රී ලංකාව බටහිර රටවල ණය උගුලෙන් බේරාගත්තේ චීනය බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම ට්විටර් පණිවුඩය මගින් පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ‍්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ‍්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

චීනය ප‍්‍රකාශ කරන ආකාරයට 2017දී ශ‍්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන එක්සිම් බැංකුවට ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ශ‍්‍රී ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් රට බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment