ශ‍්‍රී ලංකාව සියලු දෙනා ලකුණු 185 කට දැවී යයි – එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80යි

221

 * ශ‍්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය
 
 සංචාරක ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (29 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42.3 කදී සියලූ දෙනා ලකුණු 185 කට දැවී ගියේය.
 
 පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට පන්දුවාර 12 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ජයග‍්‍රහණයට ලකුණු 106 ක් පසුපසින් සිටියේය.
 
 එංගලන්තයේ චෙස්ටර්ල් ස්ටී‍්‍රට් හි පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
 
 උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලූ රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා විනය විරෝධි කි‍්‍රයා හේතුවෙන් යළි දිවයිනට කැඳවීමත් ධනංජය ද සිල්වා ආබාධයට ලක්වීම සහ ඕෂධ ප‍්‍රනාන්දු අසනීප තත්ත්වයට පත්වීමත් නිසා අසීරු අඩියකට පත්ව සිටි ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩකයෝ තිදෙනෙක් ඊයේ (29 වැනිදා) මංගල එක්දින වරම් ලැබූහ.
 
 මංගල එක්දින වරම් ලැබූ චරිත් අසලංක ලකුණු නොලබාම දැවී ගිය අතර වේග පන්දු යවන ධනංජය ලක්‍ෂාන් අංක 06 පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 02 කට දැවී ගියේය. ප‍්‍රවීන් ජයවික‍්‍රම අවසන් පිතිකරු ලෙස ලකුණු 04 කට දුවද්දී දැවී ගියේය.
 
 නායක කුසල් පෙරේරා සමඟ ඉනිම ආරම්භ කිරීමට අවස්ථාව උදාකර ගත් පැතුම් නිශ්ශංක ලකුණු 05 කට පිටියෙන් ඉවත් කිරීමට කි‍්‍රස් වෝක්ස් සමත්වූ අතර ඒ අනුව ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 23 දී බිඳ වැටුණි.
 
 පිතිකරණ ස්ථානයේ ස්ථාන 03 ක් පමණ ඉහළට පැමිණ අංක 04 පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ දසුන් ශානකවද 01 ලකුණුකට පිටියෙන් ඉවත් කිරීමට කි‍්‍රස් වෝක්ස් සමත් වීමෙන් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලූ 03 ක් දැවී ලකුණු 46 ක් ලෙස දිස්විණි.
 
 අනතුරුව පිටියට එකතුවූ තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග නායක කුසල් ජනිත් පෙරේරා සමඟ එකතුව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීය. වනිඳු හසරංග පන්දු 65 ක් තුළ ලකුණු 54 ක් ලබාගත් අතර ඊට 4 පහර 6 ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.
 
 නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි කුසල් ජනිත් පෙරේරාගේ වගකීම්සහගත පිතිහරඹයද හසරංගගේ දැවී යාමෙන් තවත් ලකුණු 7 කට පමණ පසුව නිමාවූ අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 81 ක් තුළ ලකුණු 73 ක් රැුස්කර ගෙන තිබුණි.
 
 මිනිත්තු 150 ක් පුරා කඩුල්ලේ රැුඳී සිටිමින් තමන් වෙත ලැබුණු පන්දු 7 ක් හතරේ සීමාවට එල්ල කළ කුසල් ජනිත් පෙරේරා රැුස්කළ එම ලකුණු සංඛ්‍යාව ඔහුගේ 15 වැනි අර්ධ ශතකය බවට පත්වූවේය.
 
 කුසල්ටත්, වනිඳුටත් පසුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා ගිය එකම ක‍්‍රීඩකයා වූයේ චාමික කරුණාරත්න පමණක්වූ අතර ඔහු නොදැවී ලකුණු 19 ක් රැුස්කර ගත්තේය.
 
 ක‍්‍රිස් වෝක්ස් කඩුලූ 4 ක්ද ඬේවිඞ් විලී කඩුලූ 3 ක් ද දවාගත් අතර මොයින් අලී එක් කඩුල්ලක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment